Reshali Balasubramaniam
July 24, 2019
Decision Making-Goal Setting-investing-Motivation-Uncategorized No Comments

කුඩා ව්‍යාපාරිකයන් විසින් සලකා බැලිය යුතු අලෙවිකරණ උපායමාර්ග

ඕනෑම ව්‍යාපාරයක් සාර්ථකත්වය සහ තරඟකාරී වාසි ලබා ගැනීම සඳහා විවිධාකාර උපාය මාර්ග භාවිත කරමින් තම නිෂ්පාදන සහ සේවාවන් පාරිභෝගිකයින් වෙත අලෙවි කිරීම සිදු කරනු ලබයි.
මූල්‍යමය සාර්ථකත්වය සහ වර්ධනය සඳහාත් ඕනෑම සංවිධානයක අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහාත් අලෙවිකරණය අත්‍යවශ්‍ය වන අතර එකී අලෙවිකරණය සාර්ථකත්වය ව්‍යාපාරයේ වර්ධනයට ඉතාමත් වැදගත් වන හෙයින් වර්තමානයේදී තරගකාරී වෙළදපල තුල බොහෝ කුඩා ව්‍යාපාරිකයින් සාර්ථක අලෙවිකරණයක් සඳහා දුෂ්කර අභියෝග රැසකට මුහුණ දීමට සිදු ව තිබේ.
කුඩා සමාගම්වල අලෙවිකරණ පරිසරයන් සහ අභියෝග විශාල සංවිධානවලට වඩා සැලකිය යුතු ලෙස වෙනස් වන අතර නිෂ්පාදන පරාසය, භූගෝලීය ව්‍යාප්තිය, මිල ගණන් සලකා බැලීම, පාරිභෝගික කොටස් කිරීම සහ අරමුදල් ලබා ගැනීම වැනි හේතු නිසා එවැනි වෙනස්කම් පැන නගීයි.

කුඩා ව්‍යාපාරවල හිමිකරුවන්ගේ සාර්ථකත්වයට හේතු වී ඇත්තේ එවැනි අභියෝග හඳුනාගෙන ඒවා ජය ගැනීමට සහ ඔවුන්ගේ නිෂ්පාදන හා සේවාවන් සඳහා සුදුසු හා ඵලදායි අලෙවිකරණ සැලසුම් සහ උපාය මාර්ග සකස් කිරීමට ඇති හැකියාවයි

එසේ නම් අද අප සූදානම් වන්නේ කුඩා ව්‍යාපාර සඳහා ඵලදායි බව ඔප්පු කරන
අලෙවිකරණ උපායමාර්ග කිහිපයක් පිළිබඳ කතාබහ කිරීමට යි.
එම ක්‍රමවේදයන් පහත පරිදි වේ.

  1. වෙළඳ නාමකරණය හා පැහැදිලි අනන්‍යතාවයක් ඇති කරන්න.
    2 . අන්තර් ජාල අලෙවිකරණ ක්‍රමවේදයන් පිළිබඳ සලකා බලන්න.
    3. දේශීය ක්‍රීඩා කණ්ඩායම් සඳහා අනුග්‍රහය දැක්වන්න
    4. දේශීය පුණ්‍ය කටයුතුවලට සහය වන්න.
    5 .
    සමාගම් පුවත් පත් හෝ අත් පත්‍රිකා නිර්මාණය කරන්න.
    6.
    මුද්‍රණ වෙළඳ දැන්වීම් පලකරන්න.
    7.
    දිරිගැන්වීමේ වැඩසටහන් පවත්වන්න.1.වෙළඳ නාමකරණය හා පැහැදිලි අනන්‍යතාවයක් ඇති කරන්න.ඔබේ සමාගම යනු කුමක්ද, කරන්නේ සහ නියෝජනය කරන්නේ කුමක්ද යන්න ගනුදෙනුකරුවන්ට හා පාරිභෝගිකයන්ට සන්නිවේදනය කිරීම සඳහා ඔබට පැහැදිලි අනන්‍යතාවයක් තිබිය යුතුය.2 . අන්තර් ජාල අලෙවිකරණ ක්‍රමවේදයන් පිළිබඳ සලකා බලන්න.වෙබ් අඩවියක් ලබා ගන්න

    තවමත් ඔබට වෙබ් අඩවියක් නොමැති ද? ලෝකයේ සියයට 40 ක් දෙනා සමග සබැඳිව සිටින විට, වෙබ් අඩවියක් නොමැති ඔබට වෙළඳපලෙහි බරපතල කොටසක් මග හැරීමට ඉඩ ඇත.
    ඔබේ වෙබ් අඩවියේ ඔබේ නිෂ්පාදන ඔබේ වෙළඳ නාමය, පාරිභෝගික සහතික, මිල සහ විශේෂිතතා පිළිබඳ පලකිරීම හා තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා මෙම ක්‍රමවේදය ඔබට ඉතාමත් උපකාරී වනු ඇත.

    ගූගල් ව්‍යාපාරයට (Google my business) යොමු වන්න.

    කුඩා ව්‍යාපාර සඳහා වඩාත්ම ලාභදායී අලෙවිකරණ උපාය මාර්ගවලින් එකක් වන්නේ ඔබේ සමාගම ගූගල් ව්‍යාපාරයේ (GMB) නොමිලේ ලැයිස්තු ගත කිරීමට හැකි වීමයි. දේශීය සේවාදායකයින් ඉලක්ක කර ගැනීමට අවශ්‍ය ව්‍යාපාර සඳහා GMB ඉතාමත් බලවත් වන අතර එය ගූගල් හි ඔබේ ව්‍යාපාර දෘශ්‍යතාව ලබා දෙයි.

    විද්‍යුත් තැපැල් අලෙවිකරණය අවධානය යොමු කරන්න.

    විද්‍යුත් තැපැල් අලෙවිකරණය සාමාන්‍යයෙන් නව නිෂ්පාදන, විශේෂ දීමනා සහ වෙනත් වැදගත් ව්‍යාපාරික යාවත්කාලීනයන් ඉස්මතු කරයි. ඔබේ විද්‍යුත් තැපැල් ලැයිස්තු ලබන්නන් ඔබේ වෙබ් අඩවියට පිවිසීමට පෙළැඹවන අතර

    බ්ලොග් එකක් නිර්මාණය කරන්න.

    බ්ලොග් අඩවියක් ලිවීම සහ නිතිපතා යාවත්කාලීන කිරීම ඔබේ වෙළඳ නාමය පිළිබඳ දැනුවත්භාවය වැඩි කිරීමට උපකාරී වේ. එය සෙවුම් යන්ත්‍රවල ඔබේ වෙබ් අඩවියේ ශ්‍රේණිගත කිරීම් වැඩිදියුණු කිරීමට උපකාරී වන අතර එමඟින් ඔබේ ව්‍යාපාරය අන්තර්ජාලය හරහා සොයාගැනීමට ඉතා පහසු වනු ඇත. ප්‍රශ්න ඇසීමෙන් ඕනෑම අදහස් දැක්වීමකට හා ප්‍රතිචාර දැක්වීමට ද මින් හැකිවනු ඇත.

    ජාලකරණයට එක් වන්න.

    මෙකී ඩිජිටල් යුගය තුළ කුඩා ව්‍යාපාරිකයන් සඳහා ජාලකරණය විශාල වැදගත්ක් එක් කරයි. ඔබේ ප්‍රදේශයේ අදාළ ජාලකරණ සිදුවීම් පිළිබඳ සෙවීමක් කර ඒවාට සහභාගී වන්න.
    වෘත්තිකයන් සඳහා සමාජ ජාලකරණයේ ප්‍රමුඛයා වන LinkedIn, හා සමාන වේදිකාවල ක්‍රියාකාරී වීමට උත්සාහ කරන්න.

    සමාජ මාධ්‍ය ප්‍රචාරණයට යොමු වන්න

    වර්තමානය වන විට බොහෝ දෙනා භාවිත කරන සමාජ මාධ්‍ය අතරින් ඉතාමත් ප්‍රචලිත මාධ්‍යක් ලෙස ෆේස්බුක් නම් කළ හැකිය. ෆේස්බුක් ඔස්සේ අලෙවිකරණ ප්‍රචාරක කටයුතු බොහෝ කුඩා ව්‍යාපාරවලට ඔවුන්ගේ ඉලක්කගත ප්‍රේක්ෂකයින්ට අලෙවිකරණය සඳහා වූ ලාභදායීතම ක්‍රමයක් බවට පත්ව තිබේ.
    ෆේස්බුක් වෙළඳ ප්‍රචාරණය උසස් ඉලක්කකරණයෙන් ද විශිෂ්ට වන අතර එමඟින් ස්ථානය, ස්ත්‍රී පුරුෂ භාවය, වයස සහ රුචිකත්වයන් වැනි නිශ්චිත සංඛ්‍යාලේඛන මත පදනම්ව නිශ්චිත ප්‍රේක්ෂක පිරිසක් ඉලක්ක කර ගැනීමට ඔබට හැකි වේ.

  2. දේශීය ක්‍රීඩා කණ්ඩායම් සඳහා අනුග්‍රහය දැක්වන්න.එය ඔබට යමක් වියදම් කළ හැකි නමුත් පුවත්පතක දැන්වීමක් පලකිරීමට සාපේක්ෂව දේශීය ක්‍රීඩා කණ්ඩායම්වලට අනුග්‍රහය දැක්වීම කුඩා ව්‍යාපාර සඳහා හොඳ උපක්‍රමයකි. කණ්ඩායම ක්‍රීඩා කරන සෑම අවස්ථාවකම, ඔබේ සමාගමේ නම සියලුම ප්‍රේක්ෂකයින්ට දැකගත හැකි වීම එහි ඇති සුවිශේෂීත්වය යි.4. දේශීය පුණ්‍ය කටයුතුවලට සහය වන්න.

    ඔබ නොසලකා හැර ඇති එක් අලෙවිකරණ උපාය මාර්ගයක් වන්නේ පුණ්‍ය කටයුතුවලට සම්බන්ධ වීමයි. දේශීය පුණ්‍ය කටයුතුවලට සහභාගී වීමේ සිට වැදගත් හේතූන් සඳහා අරමුදල් පරිත්‍යාග කිරීම දක්වා, පුණ්‍ය කටයුතුවලට ක්‍රියාකාරීව සම්බන්ධ වීම ඔබේ ව්‍යාපාරයේ ආයතනික වගකීම සහ විශ්වසනීයත්වය ඉහළ නැංවීම සඳහා සුවිශේෂ ක්‍රමයකි.5 . සමාගම් පුවත් පත් හෝ අත් පත්‍රිකා නිර්මාණය කරන්න.

    හොඳින් ලියා ඇති ප්‍රවෘත්ති පත්‍රයක් කුඩා ව්‍යාපාරවලට ගනුදෙනුකරුවන් හා අපේක්ෂකයින් සමඟ සන්නිවේදනය සහ සම්බන්ධතාවය ගොඩනඟා ගැනීම සඳහා තවත් එක් ලාභදායි ක්‍රමයකි.ඔබේ පුවත් පත සාර්ථක කර ගැනීමට විවිධ තොරතුරු හා විනෝදාස්වාදය සදහා වූ අංග ඇතුළත් කරන්න. ඔබට හැකි නම් මෙම පුවත් පත අන්තර් ජාලයට එක් කරන්න.6. මුද්‍රණ වෙළඳ දැන්වීම් පලකරන්න.

    පුවත්පත් සහ සඟරා වල දැන්වීම් ලබා ගැනීම වැනි සාම්ප්‍රදායික උපාය මාර්ග සඳහා වෙළඳපොළ තවමත් පවතී. ඇත්ත වශයෙන්ම, ඩිජිටල් අලෙවිකරණය හේතුවෙන් බොහෝ මුද්‍රිත ප්‍රකාශන ඔවුන්ගේ වෙළඳ දැන්වීම් ගාස්තු අඩු කර ඇති අතර එමඟින් කුඩා ව්‍යාපාරවලට විශේෂාංග ලබා ගැනීම පහසු වනු ඇත.

    7. දිරිගැන්වීමේ වැඩසටහන් පවත්වන්න.

    මෙය යම් ආකාරයක වියදම් සහගත ක්‍රමයක් වන නමුත් මෙහි වාසිදායක අවස්ථා බොහෝමයකි.
    වට්ටම් හෝ ත්‍යාග පිරිනැමීම වැනි වෙනත් අයට ඔබව නිර්දේශ කිරීමට ගනුදෙනුකරුවන් (හෝ සේවකයින් ඔබ සතුව ඇත්නම්) ඔවුන්ව දිරිමත් කරන විවිධ යොමු වැඩසටහන් ඔබට සැලසුම් කරන්න. මෙය නව ගනුදෙනුකරුවන් ආකර්ෂණය කර ගැනීමට ඉතාමත් වැදගත් ක්‍රමවේදයක් වනු ඇත.

සාරාංශය
බොහෝ කුඩා ව්‍යාපාර සීමිත අලෙවිකරණ අයවැයක් සමඟ කටයුතු කරයි. ඔවුන් ඉලක්කගත පාරිභෝගිකයින්ගේ අවධානය සඳහා විශාල සමාගම් සමඟ තරඟ කරන අතර ඔවුන්ට මෙම අලෙවිකරණ අයවැය උපරිම කිරීමට නම් නූතන සමාජයට ගැලපෙන අලෙවිකරණ උපායමාර්ග අනුගමනය කිරීම අත්‍යවශ්‍ය කරුණකි.
ඔබේ ව්‍යාපාරය කුමන කර්මාන්තයක සිටියත් කුඩා අයවැයකින් වැඩි යමක් කිරීමට මෙම අලෙවිකරණ උපායමාර්ග ඔබට මනා අත්වැලක් සපයයි.

සැකසුම
බිනාලි රාජපක්ෂ