Reshali Balasubramaniam
January 1, 2019
Behavioural Psychology No Comments

චර්යාත්මක මනෝවිද්‍යා අයිතිය භාවිතා කරන්නේ කෙසේද?

නූතන ලෝකයේ අප ලබන අත්දැකීම් බොහෝමයි. එකී වූ සෑම අත්දැකීමක් පාසාම අප තුළ ඇති වන සිතිවිලි, ක්‍රියාකාරීත්වයන් මෙන්ම හැසිරීම් රටාවන් එකිනෙකට වෙනස්වේ.
ශාරීරික මෙන්ම මානසික වශයෙන් ඔබතුල එවැනි වෙනස්වීම් එනම් චර්යාත්මක මනෝවිද්‍යා ගති ලක්ෂණ ඔබගේ ජීවිතය සාර්ථක කර ගැනීමටත් අසාර්ථක කරගැනීමටත් ජීවිතය සාර්ථක වීමටත් අසාර්ථක වීමට හේතුවක් විය හැකියි.
එසේ නම් අද අප සූදානම් වන්නේ චර්යාත්මක මනෝවිද්‍යාව ඔබගේ දෛනික ජීවිතයටත් ව්‍යාපාරික ජීවිතේටත් සාර්ථක ලෙස යොදාගත හැකි ප්‍රායෝගික මාර්ග කිහිපයක් වෙත අවධානය යොමු කිරීමටයි.
චර්යාත්මක මනෝවිද්‍යාව යනු කුමක්ද?
චර්යාත්මක මනෝවිද්‍යාව යනු ක්‍රියාවන් චිත්තවේග යනු ක්‍රියාවන්, චිත්තවේගයන් සහ සිතුවිලි ඇතුළු පුද්ගලයන්ගේ හැසිරීම් අධ්‍යයනය කරන න්‍යායකි. උදාහරණයක් වශයෙන් වායුගෝලයේ අන්තර් ක්‍රියාකාරිත්වය මගින් වායුගෝලය පාලනය කරයි.
චර්යාත්මක මනෝ විද්‍යාවේ ඇති විශිෂ්ටම දායකත්වය එහි ප්‍රායෝගික බවයි.

ගැටලු කාරී හැසිරීම් වෙනස් කිරීම, වඩාත් ධනාත්මක චින්තන ඇති කිරීම හා දිරිගැන්වීම වැනි අවස්ථාවන් සඳහා මෙහි ඇති ශිල්ප ක්‍රම බලවත් කාර්යභාරය ඉටු කරයි.
සාර්ථක ව්‍යවසායකයෙකු උදෙසා භාවිතා කළ හැකි චර්යාත්මක මනෝවිද්‍යාවේ එන ශිල්ප ක්‍රම කිහිපයක් මෙසේ පෙළ ගැස්විය හැකියි.
1) සාමූහිකත්වය ඇති කරන්න.
2)
මතකය වැඩි දියුණු කරන්න.
3)
වඩාත් හොඳ සන්නිවේදකයෙකු වන්න.
4)
නායකත්ව කුසලතා වැඩිදියුණු කරන්න.
5)
සෞඛ්‍යසම්පන්න වන්න.
6)
ක්‍රමවත්ව මුදල් සැලසුම් කරන්න.

1) සාමූහිකත්වය ඇති කරන්න.
යමෙකු අපට යමක් දෙන විට අප ද ආපසු යමක් දිය යුතුය යන්න ණයගැති භාවය පිළිබඳ හැඟීමක් අප තුළ ඇති වෙයි.
උදාහරණයක් වශයෙන් කණ්ඩායමේ සාමාජිකයෙකු ඔබේ ව්‍යාපෘතියට යම් දායකත්වයක් දැක්වුවහොත් ඔහුගේ හෝ ඇයගේ ව්‍යාපෘතියට සහාය විය යුතු යැයි ඔබට හැඟෙන්න පුළුවනි.
මෙසේ ඔබේ අරමුණ හඳුනා ගෙන අනෙක් පුද්ගලයාගේන් ඔබට අවශ්‍ය දේ තීරණය කරන්න. ඉන්පසු ඔබ ඔවුන්ට ලබාදිය හැකි දෙය හඳුනාගන්න.
සාමූහිකත්වය ඇති කිරීම සඳහා මෙම ක්‍රමවේදය ඉතා ම වැදගත් වේ.

2) මතකය වැඩි දියුණු කරන්න.
ඔබේ ළමා කාලයේදී ඇති වූ සිදුවීම් එලෙසම මතකයේ රඳවා ගැනීමට ඔබට නොහැකි නමුත් ඔබේ ආයතනයට පැමිණෙන සේවාලාභියාගේ තතු ඔබට දිගු කාලයක් දක්වා මතවා රඳවාගැනීමට අවශ්‍ය වන්නට පුළුවන්.
ඔබේ මතක ශක්තිමත් කළ හැකි සරල ක්‍රම කීපයක් මෙසේ ඔබට හඳුන්වා දෙන්නෙමු.
– වැදගත් තොරතුරු මත අවධානය යොමු කරන්න.
– ඔබ දැනගත්තේ හෝ ඉගෙනගත් දේ ප්‍රකාශ කරන්න නැතහොත් සටහන් කර තබා ගන්න.
– මතකයේ ඇති දුර්වලතා ඉවත් කරන්න.

3) වඩාත් හොඳ සන්නිවේදකයෙකු වන්න.
ව්‍යාපාරයේ සාර්ථකත්වය සඳහා වඩාත් වැදගත් සාධකයක් වන්නේ ඵලදායි සන්නිවේදනයයි.සන්නිවේදනය මගින් නව අවස්ථා ගැන දැනුවත් වීමටත් ව්‍යාපාරය කළමනාකාරීව පවත්වාගෙන යාමටත් හැකි වනු ඇත. ඒ අනුව විශිෂ්ට සන්නිවේදන කුසලතා පවත්වාගෙන යාමෙන් ව්‍යාපාරික නායකත්වයටත් ඔවුන්ගේ කණ්ඩායම්වලටත් ව්‍යාපාරික කටයුතුවල සෑම අංශයකටමත් ඉතාමත්ම උපකාරී වනු ඇත.

4) නායකත්ව කුසලතා වැඩිදියුණු කරන්න.
ඔබේ ආයතනයේ සේවය නිසි පරිදි කළමනාකරණය කිරීමට නම් ඉතාමත් හොද නායකත්ව කුසලතාවයක් ආයතන ප්‍රධානියා සතුව තිබිය යුතුයි.
නායකයකු සතු ප්‍රධාන ලක්ෂණ කිහිපයක් මෙසේය.
– උදාහරණයක් මගින් මග පෙන්වීම.
– ඉවසීම
– සංවිධානාත්මක බව
– ඵලදායි සන්නිවේදනය
– නිර්භීත හා අවංක බව
– හොඳ සවන් දෙන්නකු වීම.

5) සෞඛ්‍යසම්පන්න වන්න.
සෞඛ්‍ය සම්පන්න බව වර්ධනය කරගැනීම මගින් ඔබට විශිෂ්ට නායකත්වය ඔබේ ආයතනයට හෝ කණ්ඩායමට ලබා දිය හැකියි. සෞඛ්‍ය සම්පන්න බව සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ඇති කිරීම සඳහා ප්‍රධාන සංචරකය වන්නේ අනුකූලතාවයයි. නිරන්තර සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් පවත්වා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රධාන අංග වන්නේ ශාරීරික ක්‍රියාකාරකම් විනාඩි 45 ක් ද, උදෑසන ආහාර ද, සෞඛ්‍ය සම්පන්න ආහාර සහ නින්දයි..
සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් වැදගත් වන්නේ ඇයි? හොඳ සෞඛ්‍ය බොහෝදුරට ව්‍යාපාර සාර්ථකත්වයට සම්බන්ධවෙයි. විධායක මට්ටමේ සාර්ථකත්වය සඳහා සෞඛ්‍ය සම්පන්න බව අත්‍යවශ්‍ය කරුණකි.

6) ක්‍රමවත්ව මුදල් සැලසුම් කරන්න.
වර්තමානයේ මුදල් ජීවන රටාවේ කොටසක් බවට පත්ව තිබේ. ව්‍යාපාරය ආරම්භයේ දී මෙන්ම ව්‍යාපාරයක් ගොඩනැගීමේ දී මුදල් ඉතාම අත්‍යවශ්‍ය අංගයක් වේ. බොහෝ ව්‍යවසායකයින් ව්‍යාපාර ආරම්භ කිරීමට තමන්ගේ ඉතුරුම් භාවිත කරයි. එය ඉතාමත් අවදානම් සහගත බැවින් මූල්‍ය පරිහරණයට ක්‍රමවත් සැලැස්මක් සකස් කර ගැනීමෙන් එම අවදානම අවම කරගත හැකිය.
චර්යාත්මක මනෝවිද්‍යාවේ එන මෙම ශිල්ප ක්‍රම ව්‍යාපාරය ඉලක්ක නිසිපරිදි සපුරා ගැනීමට ඉතාමත් උපයෝගී වේ.

සැකසුම – බිනාලි රාජපක්ෂ