Reshali Balasubramaniam
April 3, 2019
Creativity-Decision Making-Goal Setting No Comments

නව කර්මාන්තයක් ආරම්භ කිරීමට සූදානමින් සිටින ඔබට මෙන්න උපදෙස් කිහිපයක්…

ව්‍යවසායකයින් සමාජය තුළ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. මොවුන් සමාජය හැඩගැස්වීමෙහි ලා අඛණ්ඩ දායකත්වය සපයන අතර තරගකාරී ක්‍රියාකාරිත්වයක් මෙන්ම මිනිසුන්ගේ ජීවන තත්ත්වය උසස් මට්ටමකට ගෙන ඒමටත් ඉහළ ජීවන තත්ත්වයක් නිර්මාණය කරයි.
නූතන තරගකාරී ව්‍යාපාරික සමාජය තුළ ඔබගේ ඉලක්ක හා ජීවන රටාවට ගැලපෙන ව්‍යාපාරයක් නිවැරදිව තීරණය කිරීම එතරම් ලෙහෙසි පහසු නොවන කටයුත්තකි. එහෙත් නව ව්‍යවසායකයෙකු වශයෙන් ඔබ නව කර්මාන්තයක් ආරම්භ කිරීමට සූදානමින් සිටිනවා නම් ඒ සඳහා ඔබ දැන සිටිය යුතු වැදගත් කරුණු බොහෝමයක් ඇත. එසේ නම් අද අප සූදානම් වන්නේ කර්මාන්තයක් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය උපදෙස් කිහිපයක් පිළිබඳ          දැනුවත් කිරීමටයි.

ඒවා මෙසේය.

සංවිධානාත්මක වන්න.

  1. විස්තරාත්මක වාර්තා තබා ගන්න.
  2. ඔබේ තරඟකරුවන් පිළිබඳ විශ්ලේෂණය කරන්න.
    4. නව තාක්ෂණය භාවිත කරන්න.
    5. වෘත්තීය උපකාර සදහා උපදේශකයෙකු වෙන් කරවා ගන්න.
    6. නිර්මාණශීලී වන්න.
  3. අවධානය යොමු කරන්න.
  4. අනුකූල වන්න.
  5. ඔබේ කර්මාන්තය පිහිටුවන්න.
  6. නීතිමය ගැටළු නිවැරදි කරන්න.

සංවිධානාත්මක වන්න.

ව්‍යාපාරයේ සාර්ථකත්වය උදෙසා ඔබේ සංවිධානාත්මකව බව ඉතාම වැදගත් වේ. මෙය ඔබේ කර්තව්‍යයන් නිසි පරිදි ඉටු කර ගැනීමට ඉතාමත් හොඳ ක්‍රමවේදයකි.
දිනපතාම ඔබට පැවරී ඇති කර්තව්‍යයන් ලයිස්තුවක් ලෙස පිළියෙළ කරන්න. ඔබ එක් කාර්යයක් සම්පූර්ණ කරන විට, එය ඔබේ ලැයිස්තුවෙන් ඉවත් කරන්න. මෙය ඔබට කිසිවක් අතපසු නොවන බවට සහතික කරනු නිසැකයි. ඔබේ ව්‍යාපාරයේ පැවැත්මට අත්‍යාවශ්‍ය කිසිදු කටයුත්තක් කල් දැමීමෙන් තොරව සියලුම කාර්යයන් නිසි පරිදි සම්පූර්ණ කර ගැනීමට මෙම ක්‍රමවේදය ඉතාමත්ම උපකාරී වනු ඇත.

2. විස්තරාත්මක වාර්තා තබා ගන්න.

සෑම ව්‍යාපාරයකම සවිස්තරාත්මක වාර්තාවක් තබා ගැනීම අනාගත ව්‍යාපාර කටයුතු සඳහා ඉතා ම උපකාරී වේ. මෙම සවිස්තරාත්මක වාර්තාවෙන් ව්‍යාපාරය මූල්‍යමය වශයෙන් කොතැනක සිටිනවාද යන්නත් මුහුණ දීමට සිදු වන අභියෝග මොනවාද යන්නත් ඔබ දැනුවත් විය හැකි අතර අභියෝගයන් ජය ගැනීමට හා උපාය මාර්ග නිර්මාණය කිරීමට මෙමගින් හැකි වනු ඇත.

3. ඔබේ තරඟකරුවන් පිළිබඳ විශ්ලේෂණය කරන්න.

ඔබේ කර්මාන්තය සාර්ථක කර ගැනීමට නම්, ඔබේ තරඟකරුවන් කවුරුන්ද හදුනා ගතයුතු වේ. ඔවුන්ගේ තොරතුරු විශ්ලේෂණය කිරීම මගින් ව්‍යාපාර පිළිබඳ ඔබ නොදන්නා කරුණු සහ නව තොරතුරු ඉගෙන ගැනීමට ඔබට හැකියාව ලැබෙනු ඇත.

නව තාක්ෂණය භාවිත කරන්න.

ඔබ කුමන ව්‍යාපාරයක් පවත්වාගෙන ගියත්, ඔබගේ ව්‍යාපාරය පුළුල් කිරීමට අවශ්‍ය නව තාක්ෂණ ක්‍රමවේදයන් යොදා ගැනීම ව්‍යාපාරයට නව්‍යකරණය එක් කරයි. අවම වශයෙන් වෙබ් අඩවියක්, ගනුදෙනුකරුවන් හා අනාගත ගනුදෙනුකරුවන් සමඟ සන්නිවේදනය කිරීමට හැකි ඊ-තැපෑලක් මෙන්ම ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, ට්විටර් වැනි සමාජ මාධ්‍ය ව්‍යාපාරික ගණුදෙනුකරුවන්ගේ ජාලකරණය තවත් ශක්තිමත් කරයි. තවද අනාගත ගනුදෙනුකරුවන් ඔබේ විද්‍යුත් තැපැල් ලැයිස්තුවට යවනු ලබන ප්‍රායෝගික තොරතුරු ඔබේ කර්මාන්ත සංවර්ධනයට ඉතාමත් උපකාරී වනු ඇත.

5. වෘත්තීය උපකාර සදහා උපදේශකයෙකු වෙන් කරවා ගන්න.

ඕනෑම නව කර්මාන්තයක් තුළ ඔබේ වඩාත් ප්‍රබල වත්කම වන්නේ වෘත්තීමය උපදේශකයෙකු වේ. ඔබ සමඟ වැඩ කිරීමට කැමැත්තෙන් සිටින උපදේශකයෙකු සොයා ගැනීමෙන්, ඔබ සතු වැරදි අඩුපාඩු මගහරවා ගැනීමටත්, ඔවුන්ගේ දැනුම, තීක්ෂ්ණය සහ උපාය මාර්ග භාවිතා කිරීමෙන් ඔබේ වර්ධනය වේගවත් කරගැනීමටත් ඔබට හැකිවනු ඇත.

ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී ඔබගේ සහාය සඳහා උපදේශකයින්ට අමතරව ඔබේ පවුලේ සාමාජිකයෙකු හෝ ව්‍යාපාරික අත්දැකීම් හා පළපුරුදු මිතුරෙකු යොදා ගැනීම ඔබේ ව්‍යාපාරයට තවත් වටිනාකමක් එක් කරයි.

6. නිර්මාණශීලී වන්න.

සෑම විටම ඔබේ කර්මාන්තය වැඩිදියුණු කර ගැනීමට සහ තරඟකාරීත්වය සඳහා කැපී පෙනෙන අයුරින් නිර්මාණශීලී කටයුතු කරන්න.

7. අවධානය යොමු කරන්න.

ඔබේ ඔබේ නව කර්මාන්තයේ කෙටි කාලීන අරමුණු සාක්ෂාත් කර ගැනීම කෙරෙහි අවධානය යොමු කරන්න.

අනුකූල වන්න.

දිනෙන් දින සාර්ථක වීමට අවශ්‍ය ක්‍රමවේදයන් දිගටම කරගෙන යෑමට ඔබට සිදු වනු ඇත.ඒ සඳහා දිගුකාලීනව මුදල් ඉපයීමට අවශ්‍ය ධනාත්මක පුරුදු ඔබ විසින් නිර්මාණය කර ගැනීම හා ඊට අනුකූල වීම ඉතාමත් වැදගත් වේ.

9. නීතිමය ගැටළු නිවැරදි කරන්න.

ඔබේ ව්‍යාපාරය ලියාපදිංචි කළ යුතුද? ඔබට GST හෝ PST ගාස්තු අය කිරීමට අවශ්‍යද? සේවක වන්දි රක්ෂණයක් හෝ පඩි නඩි බදු සමඟ ගනුදෙනු කිරීමට ඔබට සිදු වේවිද? ඔබ තෝරා ගන්නා ව්‍යාපාර හිමිකම ඔබේ ආදායම් බදු තත්වය බලපාන්නේ කෙසේද? ඔබේ ව්යාපාරය ආරම්භ කිරීමට පෙර ඔබේ නීත්‍යානුකූල සහ බදු වගකීම් මොනවාද යන නීතිමය ගැටළු නිරාකරණය කිරීම අත්‍යවශ්‍ය කරුණකි. ඒ සඳහා ඔබට අවශ්‍ය‍ය නම් නීතිඥයකු ඔබගේ සහය ලබාගත හැකි වේ.

10. ඔබේ කර්මාන්තය පිහිටුවන්න.

මෙහිදී පළමු අදියර වන්නේ ඔබේ කර්මාන්තය ලියාපදිංචි කිරීමයි. පසුව ඔබට අවශ්‍ය ව්‍යාපාරික බලපත්‍ර ලබාගන්න . මේ සඳහා
ඉහත කී පරිදි අත්දැකීම් හා පළපුරුදු ඇති අයකුගේ හෝ නීතිඥයකුගේ සහාය ලබා ගැනීම වඩාත් සුදුසු වේ.

ඔබේ කර්මාන්තය කුමක් වුවත් හොඳ සේවාවක් පාරිභෝගිකයන්ට ලබා දීම සාර්ථක ව්‍යවසායකයෙකුගේ ප්‍රධානතම වගකීමයි.

ඔබ ආරම්භ කිරීමට යන කුමන වර්ගයේ වුවත්, මෙම උපදෙස් භාවිතා කිරීම ඔබේ ව්යාපාරයේ සාර්ථකත්වයට උපකාරී වනු නිසැකයි

සාරාංශය

නව ව්‍යවසායකයෙකු වශයෙන් ඔබට අභියෝග, පසුබෑම් හා අසාර්ථකත්වයන් වලට මුහුණ දීමට සිදු වීම සාමාන්‍ය කරුණකි. එවන් පසුබෑම් වලට ඉඩනොදි ඔබේ දැක්ම යථාර්තයක් බවට පත් කරගැනීමටත් ඉලක්කයන් සාක්ෂාත් කර ගැනීමටත් ඔබගේ අපරාජිත සිහින ජීවත් කරවීමටත් අවශ්‍ය වන්නේ ඔබගේ නොපසුබස්නා උත්සාහය මෙන්ම දැඩි කැපවීමත් හොඳින් මතකයේ තබාගන්න.

සැකැසුම
බිනාලි රාජපක්ෂ