Reshali Balasubramaniam
November 19, 2018
Behavioural Psychology No Comments

මානසිකව දරාගැනීම සඳහා කඩිනම් මඟ පෙන්වීම

ඔබත් මානසිකව පීඩා විඳින අයෙක් ද?

මට නම් තේරෙන්නේ නෑ මේ ප්‍රශ්නෙ කොහොම විසඳගන්න ද කියලා…”
අනේ කවුරු හරි මට උදව් කරන්න පුළුවන්ද?…”

සිතට නැගෙන මෙවැනි මැසිවිලි ජීවිතයේ කටුකත්වය කියාපාන්නකි.

ජීවිතය කෙතරම් සුන්දරද? ඒ සුන්දරත්වය තුළ අපට හමුවන බාධක දුක් කම්කටුලු නිමක් නැති තරම්. නිරෝගී සම්පන්න සාර්ථක දිවියක් ගත කිරීමට නම් ඔබ ශාරීරික මෙන්ම මානසික සුවයෙන් ද සිටීම ඉතාමත් වැදගත් වන කරුණකි. බොහෝ විට ශාරීරික හා මානසික සුවය සමීපව බැඳී පවතින අතර එහි ක්‍රියාකාරිත්වය සෘජුවම එකිනෙක කෙරෙහි බලපානු ලබයි. සමහර අවස්ථාවන්වලදී ඔබට ඔබේ ශාරීරික සුවය ශක්තිමත්ව පවත්වාගෙන යාමට හැකි වුවත් මානසික සුවය දුර්වල වන්නට පුලුවන්. ඊට හේතුව වන්නේ මනස තුළ ඇතිවන පීඩනයයි.මෙම පීඩනය දරුණු රෝගී තත්ත්වයක් දක්වා වර්ධනය විය හැක. ඔබේ ජීවිතය තුළ ඇතිවන මෙවැනි තත්වයන් වළක්වා ගැනීමට අවශ්‍ය නිසි මග පෙන්වීමක් ලබාදීමටයි අද අප සූදානම් වන්නේ.
ඔබේ රැකියාවේ හෝ ගෙදර දොර වැඩ කටයුතු කරන විට දී විවිධ හේතුන් මත මානසික පීඩනය ඇති වන්නට පුළුවන්. නිදසුන් වශයෙන් පවුල් ආරවුල්, දූදරු ගැටළු, ගෙදර දොරේ දුෂ්කරතාවයන්, යන කරුණ මානසික පීඩනය තුඩුදෙන හේතු කාරණා කීපයකි. මෙවැනි අවස්ථාවකදී මනස ශක්තිමත් කරගත හැකි සරල උපදෙස් කීපයක් වෙතට දැන් අප අවධානය යොමු කරමු.

1)
ව්‍යායාමය
2) ඉටි පන්දම් දැල්වීම
3) කැෆේන් භාවිතය අඩුකරන්න.
4) සංගීතයට සවන් දෙන්න.
5) සිනාසෙන්න
6) ගැඹුරු හුස්මක් ගන්න
7) සුරතල් සතුන් සමග කාලය ගත කරන්න.

1) ව්‍යායාමය
මානසික පීඩනය සමඟ සටන් කිරීමට ඔබට කළ හැකි වැදගත්ම දේ ව්‍යායාමයයි. ඔබ නිතිපතා ව්‍යායාම් කරන විට ලැබෙන ප්‍රතිලාභ ප්‍රබලයි. මෙහිදී සිදුවන මාංශ පේශීන් වල පුනරාවර්තී චලනයෙන් ශරීර සෞඛ්‍ය වැඩිදියුණු කරයි. එමෙන්ම සුවදායී නින්දක්, දැඩි ආත්ම විශ්වාසයක්, තමා තුළ ගොඩනැගීමටත් ව්‍යායාම බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වනු ඇත. එම සියල්ල මානසික පීඩනය ඉවත් කිරීමට ඉතාමත් උපකාරී වේ.

2) ඉටි පන්දම් දැල්වීම.
සුගන්ධ තෙල් භාවිතය හෝ හොඳ ඉටිපන්දම් දැල්වීම් මානසික පීඩනය අඩුකර ගත තවත් එක් ක්‍රමයකි.

3) කැෆේන් භාවිතය අඩු කිරීම.
කැෆෙන් යනු කෝපි, තේ, Chocolate හා ශක්ති ජනක බීම වලින් සොයාගත් එක්තරා උත්තේජකයකි. බොහෝ අධ්‍යයන වලින් පෙනීයන්නේ කෝපි සෞඛ්‍ය සම්පන්න වන බවයි.එහෙත් ඒ සෑම කෙනෙකුටම නොවෙයි. පොදුවේ ගත්කළ දිනකට කෝපි කෝප්ප 5 ක් හෝ ඊට අඩු ප්‍රමාණයක් ප්‍රමාණවත් ය. එම නිසා අධික කෝපි භාවිතයෙන් වැළකීම මගින් මානසික පීඩනය අවම කරගත හැකි ඛව මතක තබා ගන්න.

4) සංගීතයට සවන් දෙන්න
මානසික පීඩනය අවම කර ඇති තවත් එක් ක්‍රමවේදයක් වන්නේ සංගීතයට සවන් දීමයි. මේ සඳහා නිහඬ සම්භාව්‍ය සංගීත ඉතාමත් යෝග්‍යයි.වේග රිද්මයෙන් වැඩි සංගීතයට වඩා වේග රිද්මයෙන් අඩු සංගීතය අපගේ ශාරීරික ක්‍රියාකාරිත්වයට ඉතාමත් හිතකර වන අතර එය හෘද ස්පන්දනය හා රුධිර පීඩනය මන්දගාමි කරවයි.

5) සිනාසෙන්න
සිනාසීම ඔබේ සෞඛ්‍යයට ඉතාමත් යහපත් වන අතර මානසික පීඩනය ඉවත් කර ගැනීම සඳහා වැදගත් වේ. සිනාසීම ඔබේ පෙනහලු හොඳින් ප්‍රසාරණය කරයි. ඔබේ සිත මන්දගාමී වීමෙන් ඔබට වඩාත් සාමකාමී හැඟීම් ඇති කිරීමට ඉඩ සලසයි.

6) ගැඹුරු හුස්මක් ගන්න.
ඔබේ හුස්ම ගැන අවධානය යොමු කරන්න. කෙලින් වාඩි වී ඔබේ ඇස් මත අත තබා ඇස් වසාගන්න. ගැඹුරු හුස්මක් පිට කරන්න. එසේ ගැඹුරින් හුස්ම
ගන්න විට ඔබේ පෙනහලු හොඳින් ප්‍රසාරණය වේ. එවිට ඔබේ සිතේ වේගය මන්දගාමී වීමෙන් ඔබට වඩාත් සාමකාමී හැඟීම් ඇති කිරීමට ඉඩ සලසයි.

7) සුරතල් සතුන් සමග කාලය ගත කරන්න.
සුරතල් සතුන් සමඟ කාලය ගත කිරීම මානසික පීඩනය ලිහිල් කිරීමට උපකාරී වේ. ක්‍රියාශීලීත්වය සහ විනෝදයෙන් කාලය ගත කිරීමට හැකි වීම මගින් සිතෙහි ඇතිවන කනස්සල්ල අවම කරගත හැකි වෙයි.මෙය මානසික පීඩාව අවම කිරීම සඳහා ඉතාමත් යෝග්‍ය ක්‍රමවේදයකි.

මීට අමතරව,
ඔබට මානසික පීඩනයක් ඇති වූ අවස්ථාවකදී ක්ෂණිකව ඔබේ අරමුණ වෙනස් කරන්න. ඔබ ආස කරන ක්‍රියාවක නියැළෙන්න. එවිට සිත ඔබට නොදැනීම වෙනතකට යොමු වනු ඇත.
– සෑම විටම පෝෂදායි ආහාර වලට හුරු වන්න.
– අධික දුම්පානයෙන් හා මත්පැන් පානයෙන් වලකින්න.
– තම ආගම දහමට මුල් තැන දී කටයුතු කරන්න. පන්සලට හෝ පල්ලියට ගොස් සිත සන්සුන් කරගන්න.
– සමාජ සේවාවක නිරත වන්න.
– ගණිත ක්‍රමයකට හුරු වන්න.මෙහිදී බොහෝ දෙනා ඉලක්කම් ගණනය කිරීමට සිත යොමු කරයි. නිදසුනක් වශයෙන් 1 සිට 25ට
ත් ගණන් කර නැවත 25 සිට 1 දක්වාත් ආපස්සට ගණන් කරන්න.මෙය සිතෙහි වේගය පාලනය කරගත හැකි ඉතාමත් යෝග්‍ය ක්‍රමයකි.

මෙම ක්‍රමවේදයන් කල්තියා නිසි පරිදි ක්‍රියාත්මක කිරීම තුළින් මානසික පීඩනය අවම කරගැනීමටත් මානසික ශක්තිය වර්ධනය කර ගැනීමටත් ඔබට හැකි වනු නිසැකයි.
උපදෙස් – දෘෂ්ඨි විශේෂඥ  අනුර රජකරුණා
සැකැස්ම – බිනාලි රාජපක්ෂ