Reshali Balasubramaniam
May 28, 2019
Creativity-Decision Making-Goal Setting No Comments

සමාගමෙහි පළමු ලාභය සෘජුව ආයෝජනය කරන්නේ කෙසේද?

නූතන සමාජය තුළ බිහිවන බොහෝ ව්‍යාපාරිකයන් නිතරම උත්සාහ දරන්නේ අනෙකුත් සමාගම් / ආයතන අභිබවා තම සමාගම හෝ ආයතනය තරගකාරී වෙළඳපොල තුළ ඉදිරියට රැගෙන යාමටයි. එය සුළුපටු කාර්යයක් නොවන නමුත් කැපවීම, දැඩි අධිෂ්ඨානය හා ව්‍යාපාර පිළිබඳ නිවැරදි අවබෝධය මත එය සාර්ථක ලෙස සිදුකළ හැකි බව හොඳින් මතක තබාගන්න.
ඕනෑම ආයතනයක හෝ සමාගමක අනාගතය තීරණය වන්නේ එම සමාගමේ හෝ ආයතන හිමි ව්‍යවසායකයාගේ නිවැරදි තීරණ හා නිසි කළමනාකාරිත්වය මතයි. එකී තීරණ අතරින් ලාභය උපයා ගන්නා ආකාරය හා ආයෝජනය කරන ක්‍රමවේදයන් දෙස නිවැරදි ව අවධානය යොමු කිරීම ආයතනික සාර්ථකත්වය කෙරෙහි දැඩිව බලපාන ලබන ඉතාම වැදගත් තීරණයකි.
අද අප සූදානම් වන්නේ ව්‍යවසායකයන්ගේ නිවැරදි අවබෝධය උදෙසා සමාගමේ පළමු ලාභය ඍජුව ආයෝජනය කරන ආකාරයන් කිහිපයක් පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා දීමටයි.
ඒ සඳහා වන ක්‍රමවේදයන් කිහිපය මෙසේ සඳහන් කළ හැකිය.
1. ඔබටම ආයෝජනය කරන්න
2.
ව්‍යාපාරය වැඩිදියුණු කිරීමට ආයෝජනය කරන්න.
3.
අලෙවිකරණයට ආයෝජනය කරන්න.
4.
සේවකයන්ට ආයෝජනය කරන්න
5.
සමාගමේ සන්නිවේදන පද්ධතියට ආයෝජනය කරන්න
6.
ගනුදෙනුකරුවන් වෙනුවෙන් ආයෝජනය කරන්න
7.
අන්තර්ජාල සබඳතා වැඩි දියුණු කිරීමට ආයෝජනය කරන්න

1. ඔබටම ආයෝජනය කරන්න

ඔබේ ව්‍යාපාරයේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය බොහෝ දුරට ඔබ මත රඳා පවතී. ඒ නිසා ඔබ මුලින්ම ව්‍යාපාරයෙන් ලබන පළමු ලාභය සෘජුව ඔබට ආයෝජනය කිරීම වැදගත් වේ. ව්‍යාපාරයක් ආරම්භ කිරීමට පෙර
නායකත්වය හා ව්‍යාපාර කුසලතා සංවර්ධනය කරන ආකාරය, ගිණුම්කරණය, අලෙවිය සහ අලෙවිකරණය නිෂ්පාදන සංවර්ධනය කිරීම යනාදී කරුණු සියල්ල පිළිබඳව හොඳින් ඉගෙන ගන්න. සියල්ලටම වඩා වැදගත් වන්නේ ව්‍යාපාරයක් පවත්වාගෙන යාම පිළිබඳ දැනුවත් භාවයයි.
විකිණීමේ හැකියාව ව්යාපාරයේ අංක එකේ කුසලතාවයි. ඔබට ඔබේ නිෂ්පාදන විකිණිය නොහැකි නම්, ඔබ ව්‍යාපාර හිමිකරුවකු ලෙස පත්වීම ගැන වැඩි දුරටත් කල්පනා කළ යුතු බව මතක තබාගන්න.

2. ව්‍යාපාරය වැඩිදියුණු කිරීමට ආයෝජනය කරන්න.

සාර්ථක ව්‍යාපාරයක් පවත්වාගෙන යාමට සහ පවත්වා ගැනීමට අවශ්‍ය නම්, එය තවදුරටත් දියුණු කිරීමට හා එය යාවත්කාලීන කිරීමට අවශ්‍ය වනු ඇත.
ඒ සඳහා යටිතල පහසුකම්, උපකරණ, ව්යාපාර ක්‍රියාවලීන් ක්‍රමවත් කිරීම, ගනුදෙනුකරුවන්ගේ අත්දැකීම් වැඩිදියුණු කිරීමේ ක්‍රම සොයා ගැනීම උපක්‍රමයන් වැඩිදියුණු කිරීම අත්‍යවශ්‍ය වනු ඇත . මෙම උපක්‍රමයන් මගින් දිගු කාලීනව ඔබේ ලාභය වැඩි කර ගත හැකි අතර ව්‍යාපාර මෙහෙයුම් සාර්ථක ලෙස පුළුල් කර ගත හැකි වීම ඊට හේතුවයි. එබැවින් සමාගමේ පළමු ලාභය මේ සඳහා ආයෝජනය කිරීම ඉතාම සුදුසු වනු ඇත.

3. අලෙවිකරණයට ආයෝජනය කරන්න.

අලෙවිකරණය සෑම විටම හොඳින් සිදු කළ විට ලාභයේ සුපිරි ආයෝජනයකි. ආරම්භක ව්‍යාපාර බොහොමයක අලෙවිකරණ කටයුතු සඳහා සැබෑ ආයෝජනයක් කිරීමට මාස කීපයක් ගතවනු ඇත.
අලෙවිකරණයේ අත්දැකීමක් ඔබ සතුව නොමැති නම් අත්දැකීම් සහිත පුද්ගලයකුගෙන් දැනුවත් භාවය ලබාගන්න.

4. සේවකයන්ට ආයෝජනය කරන්න

බොහෝ ව්‍යවසායකයින් ඔවුන්ගේ සේවකයින්ට ආයෝජනය කරන්නේ නැත. එහෙත් සාර්ථක ව්‍යාපාරයක් ගොඩ නැගීමේ අරමුණින් ඔබ ඔබේ සේවකයන්ට ආයෝජනය කළ යුතුය. ඔබ ඔවුන්ගේ දැනුම වැඩි දියුණු කිරීමට ආයෝජනය කළ යුතුය. ඔබේ සේවකයන්ට ආයෝජනය කළ හැකි තවත් ක්‍රමයක් වන්නේ ඔවුන් නිතිපතා පුහුණු කිරීමයි.

එසේම වඩා හොඳ ශ්‍රම බලකායක් ගොඩනඟා ඔබේ ව්‍යාපාරයේ ඵලදායිතාවය වැඩිදියුණු කිරීම සහ සේවකයින් ආකර්ෂණය කිරීම මගින් සමාගමේ සංස්කෘතිය නිර්මාණය වනු ඇත. පුහුණුව සහ අඛණ්ඩ අධ්‍යාපනය වැනි මානව සම්පත් ක්‍රියාකාරකම් වර්ධනය වන විට, ප්‍රතිලාභ පැකේජ සහ අනෙකුත් වට්ටම් ඇතුළත් කිරීමට ඔබට පුළුල් කළ හැකිය. මෙසේ ඔබේ සේවකයන්ට ආයෝජනය කිරීම පිරිවැටුම අඩුකිරීමට උපකාරී වනු ඇත. මතක තබා ගන්න, අලුතින් සේවකයෙකු සේවයේ යොදවා ගැනීම සඳහා විශාල මුදලක් වියදම් කිරීම , සාමාන්‍යයෙන් අහිමි වූ සේවක වැටුප මාස 6 සිට 9 ක් පමණ වන බව.

5. සමාගමේ සන්නිවේදන පද්ධතියට ආයෝජනය කරන්න

වඩාත් වැදගත්ම, නමුත් බොහෝ විට නොසලකා හරින ලද ව්‍යාපාර ක්‍රමයකි සන්නිවේදනය. ඇත්ත වශයෙන්ම, සන්නිවේදනය ඉතා වැදගත් වන අතර කිසිම ව්‍යාපාරයකට එය නොනැසී පවත්වාගෙන යා හැකිය. එබැවින් ඔබ ඔබේ ව්‍යාපාර සන්නිවේදන පද්ධතිය සංවර්ධනය කිරීම සඳහා ආයෝජනය කිරීම ඉතාම වැදගත් වේ. කළමනාකරණය, සේවකයින්, ගනුදෙනුකරුවන්, සැපයුම්කරුවන් සහ ආයෝජකයින් අතර තොරතුරු ප්‍රවාහයක් පවතින බව සහතික කරගත හැකිවීම සන්නිවේදනයේ ඇති සුවිශේෂත්වයයි.

6. ගනුදෙනුකරුවන් වෙනුවෙන් ආයෝජනය කරන්න

ව්‍යාපාරයක් පවතින ප්‍රධාන හේතුව පාරිභෝගිකයාය. එසේම ගනුදෙනුකරු නොමැතිව ව්යාපාරයක් ද නොපවතී.ඒ නිසා ඔබ නව ගනුදෙනුකරුවන් සොයා ගැනීම පමණක් නොව ඔබේ පවත්නා ගනුදෙනුකරුවන් සතුටින් තබා ගැනීම ඉතාම වැදගත් වේ.

එසේම නව පාරිභෝගිකයකු සොයා ගැනීමට වඩා ලාබදායී පාරිභෝගිකයින්ගෙන් නිරන්තරයෙන් අලෙවියෙන් ලැබීම වඩා ලාභදායී බව ඔබ මතක තබා ගත යුතුය. ඒ නිසා ඔබේ ගනුදෙනුකරුවන්ගේ මෙන්ම පාරිභෝගිකයන්ගේ රඳා පැවැත්ම සඳහා වැඩපිළිවෙළක් දියත් කිරීමත්, දිරිගැන්වීම් ලබා දීමටත් ආදී වූ සැලසුම් සඳහා ඔබට ඔබගේ පළමු ලාභය ආයෝජනය කළ හැකි ය.
අන්තර්ජාල සබඳතා වැඩි දියුණු කිරීමට ආයෝජනය කරන්න

ඔබ විසින් සිදු කරන ලද ලාභය ආයෝජනය කිරීම සඳහා තවත් ස්ථානයක් වන්නේ ඔබගේ අන්තර්ජාල පැවැත්මයි. ඔබට දැනටමත් වෙබ් අඩවියක් නොමැති නම්, එය නිර්මාණය කිරීම සඳහා මේ හොදම කාලයයි. ඔබ එසේ කරන්නේ නම්, ඔබ අපේක්ෂා කරන ගනුදෙනුකරුවන් ඔබ වෙත ගෙන ඒමටත් ඔබේ තරඟකරුවන්ට ඔබගේ මිලදී ගැන්වීම් ඒත්තු ගැන්වීමටත් මෙය ඉතාමත් යෝග්‍යය වනු ඇත.

සාරාංශය

සාර්ථක ව්‍යාපාරයක ප්‍රධානතම ප්‍රාග්ධනය වන්නේ ආයෝජනයයි. ඔබ ආයතනික හෝ සමාගම් හිමිකරුවකු ලෙස ඔබේ සමාගමේ පළමු ලාභය ආයෝජනය කරන ආකාරය පිළිබඳ ඔබ නිවැරදිව දැනුවත් නම් සමාගමේ හෝ ආයතනයේ ඉදිරි අනාගතය කිසිදු පැකිලීමකින් තොරව නිසැකවම ඔබව දියුණුවේ කරා රැගෙන යාවි.

සැකසුම
බිනාලි රාජපක්ෂ