Reshali Balasubramaniam
December 18, 2018
Uncategorized No Comments

ඔබගේ කාර්යයන් නිවැරදිව ප්රමුඛතාව ලබා ගන්නේ කෙසේද

 

ඔබගේ කාර්යයන්ට නිවැරදි ප්‍රමුඛත්වයක් ලබා දෙන්නේ කෙසේද?

එදිනෙදා ජීවිතයේ ඔබ ගතකරන කාලය ඔබට කෙතරම් වැදගත්ද? ඔබේ රැකියාව , පෞද්ගලික ජීවිතය වඩාත් ඵලදායි ලෙස කළමනාකරනය කිරීමට හැකි නම් එය ඔබේ අරමුණු හා ඉලක්ක නිවැරදිව ඉටු කර ගැනීමට මනා අත්වැලක් සපයාවි.
නිසි කළමනාකාරිත්වයෙන් යුතුව ඔබට පැවරී ඇති කාර්යයන් සියල්ලම ඉටු කිරීමට නම් ඔබ එම කාර්යයන්ට ප්‍රමුඛත්වයක් ලබාදිය යුතුය. එසේ සිදු කිරීම යම් විටකදී ඔබට ගැටළුවක් විය හැකියි. එසේනම් කිසිදු ගැටළුවකින් තොරව ඔබගේ දෛනික කාර්යයන් වඩාත් පහසු කරගැනීම සදහා එම කාර්යයන්ට නිවැරදි ප්‍රමුඛත්වයක් ලබාදිය හැකි ආකාර කිහිපයක් පිළිබඳ ඔබව දැනුවත් කිරීමටයි අද අපේ සූදානම.
රැකියා ස්ථානයේදී හෝ නිවසේ දී ඔබට පැවරී ඇති සෑම කාර්යයක් සඳහාම ප්‍රමුඛත්වයක් ලබා දීමට නම් ඒ සඳහා ඔබ මුලින්ම කල යුත්තේ මොනවාදැයි නිවැරදිව හඳුනාගත යුතුයි. එය නිවැරැදිව හඳුනාගත් පසු ඔබේ කාර්යයන් සංවිධානය කිරීමටත් සැලසුම් කිරීමටත් ඔබට පහසු වනු ඇත. ඒ අනුව  ඔබගේ කාර්යයන්ට නිවැරදි ප්‍රමුඛත්වයක් ලබා දීම සඳහා අනුගමනය කළ හැකි ක්‍රමවේදයන් කිහිපයක් මෙසේ පෙළ ගැස්විය හැකිය.
1) කාර්යයන් හා පැවරුම් ලැයිස්තුගත කරන්න .
2)
හදිසි හා වැදගත් දේ හඳුනා ගන්න.
3)
ගැටළු වලට ඔබේ කාලය වෙන් කරන්න.
4)
ඔබගේ ඊමේල් කළමනාකරණය කරන්න.
5)
බාධාවන් ඉවත් කරන්න.
6)
වැඩ කල් නොදමන්න.
7)
විවේක කාලයක් වෙන් කරන්න.

1) කාර්යයන් හා පැවරුම් ලැයිස්තුගත කරන්න .
ඔබ වෙනුවෙන් ඉටු කළ යුතු දෑ පිළිබඳ ලැයිස්තු ගත කරන්න. සෑම විටම එය සටහනක් ලෙස තබා ගන්න. ඒ සඳහා ඔබට කැලැන්ඩරය, මුදල් පසුම්බිය, ජංගම දුරකථනය හෝ කාර්යාල පුවරුව භාවිත කළ හැකියි. තවද එය සතිපතා සිදුකළ යුතු ලැයිස්තුවක් විය හැකි නමුත් දිනපතා පිළියෙල කළ හැකි ලැයිස්තුවක් නම් ඉතාමත් ඵලදායි වේ. එමෙන්ම
සෑම උදෑසනකම වැඩකටයුතු ආරම්භ කිරීමට පෙර මෙම ලැයිස්තුව දෙස බැලීමට මතක තබා ගන්න.

2) හදිසි හා වැදගත් දේ හඳුනා ගන්න.
ඊළඟ පියවර වන්නේ ඔබ වහාම අවධානය යොමු කළ යුතු කාර්යයන් තිබේදැයි බැලීමයි. ඒ අනුව වැදගත්කම සහ හදිසි අවශ්‍යතා මත ඔබේ කාර්යයන් වර්ග කරන්න. ඔබ විසින් ඔබේ අවධානය යොමු කරන කරුණු තීරණය කිරීමට මෙය ඔබට ඉඩ සලසයි. ඔබට පැවරී ඇති වැදගත් කාර්යයන්, ඔබට කල් දැමිය හැකි කාර්යයන් සහ ඒවා කුමන කාර්යයන් ද යන්න එමගින් තීරණය කළ හැකිය. ඒ අනුව ප්‍රමුඛතා ස්ථාපිත කිරීමේදී පළමු සාධකය වන්නේ වැදගත්කමයි. අත්‍යවශ්‍යතාවය දෙවැන්නයි.

3) ගැටළු වලට ඔබේ කාලය වෙන් කරන්න.
යම් කාර්යයක් ආරම්භ කිරීමට පෙර එහි ප්‍රතිඵලය කුමක් වනු ඇත්ද? යන ප්‍රශ්නය ඔබ ඔබ ගෙන්ම විමසන්න. එවිට ඔබට පැන නගින ගැටළු වෙන වෙනම සටහන් කරන්න. ඒවාට පිළිතුරු සැපයීමෙන් ඔබගේ කාර්යයන් වල ඇති වැරදි අඩුපාඩු ඔබට මඟ හරවා ගත හැකි වේ.

4) ඔබගේ ඊමේල් කළමනාකරණය කරන්න.
Email (විද්‍යුත් තැපැල්) කළමනාකරණය කිරීම ඔබේ කාලය නිදහස් කරගැනීම සඳහා විශාල බලපෑමක් කළ හැකියි. අනවශ්‍ය විද්‍යුත් තැපැල් අක්‍රීය කරන්න. Email (විද්‍යුත් තැපැල්) පරීක්ෂාකිරීමේ දී ඒවාට ප්‍රතිචාර දැක්වීමට දිවා කාලය වෙන් කරන්න. Email හරහා ඔබට ලැබෙන වැදගත් ලිපි ගොනු කිරීමට ස්වයංක්‍රීය ක්‍රමයක් සකස් කරන්න.


5)
බාධාවන් ඉවත් කරන්න.
මෙම නවීන ලෝකයේ දී බොහෝ දේ අපට අපගේ වැඩ කිරීමට බාධා විය හැකියි. ජංගම දුරකථනය, ජංගම උපාංග හා ලෝක ව්‍යාප්ත සමාජ වෙබ් අඩවිය(facebook, twiter, instagram) සහ තවත් බොහෝ දේ මේ සදහා ඇතුලත් වේ. මේ දේවල් සඳහා කාලය වැය කරන්නේ නම් ඔබේ කාර්යය නිම කිරීමට ඔබට ගතවන කාලය කොපමණ විය හැකිද?
ඔබව දුර්වල කරන කරන මෙවැනි දේ ඉවත් කරන්න. සෑම විනාඩියකම සමාජ වෙබ් අඩවි වලින් එන ලිපි පරීක්ෂා නොකරන්න. ඒවාට අඩු අවධානයක් දීමට ඉගෙන ගත් පසු කාර්යයන් ඉටුකිරීමට ඔබට පහසුවනු ඇත.
ඵලදායිතාව සඳහා යතුර නම් හොඳ කාල කළමනාකරණය යි. වඩා කාර්යක්ෂම හා ඵලදායී හැරුණු විට ඔබේ ජීවිතයේ මානසික ආතතිය අඩුකර ගැනීම සඳහාද මෙය ඉතාමත් ඔබට උපකාරී වනු ඇත.

6) වැඩ කල් නොදමන්න.
ඔබට පැවරී ඇති කාර්යයන් වලට අනුව හෙට කිසිවක් කල් නොදමන්න. අදට නියමිත දේ අදම සිදුකරන්න. නියමිත කාල සටහනක් ඒ සඳහා අනුගමනය කරන්න. කාල සටහනක් අනුව වැඩ කිරීම තුල කාලය ඉතිරිකර කෙටි කාලයකින් වැඩි වැඩ කොටසක් නිම කිරීමට ඔබට හැකි වනු ඇත.

7) විවේක කාලයක් වෙන් කරන්න.
විවේක කාලයක් නොමැතිව මුළු දවසම වැඩ කිරීම ඔබව අපහසුතාවයට පත් කරයි. සෑම පැයකටම මිනිත්තු 10 ක විවේකයක් ලබා ගන්න. එම විවේකය තුළ ඔබට හැකි නම් කෝපි හෝ තේ වැනි පානයක් ලබා ගන්න. එය ඔබගේ ශරීර සෞඛ්‍යයටත් පෝෂදායකයි.

මෙම ක්‍රමවේදයන් නිසි පරිදි අනුගමනය කිරීම මගින් ඔබගේ කාර්යයන්හි ප්‍රතිඵල සාර්ථක ලෙස අත් විඳීමට ඔබට හැකි වනු ඇත.

සාරාංශය –
ඔබට පැවරී ඇති කාර්යයන් මෙලෙස සංවිධානාත්මකව සැලසුම් කිරීම මගින් ඔබගේ වටිනා කාලය අපතේ නොයවා කිසිදු මහන්සියකින් තොරව එම කාර්යයන් වඩාත් ඵලදායී ලෙස සිදු කරගත හැකි ය. මෙමඟින් ඔබගේ ජීවිතය වඩාත් කාර්යක්ෂම හා සාර්ථකත්වයට පත්වනු නිසැකයි.

සැකසුම – බිනාලි රාජපක්ෂ