Reshali Balasubramaniam
February 21, 2019
Uncategorized No Comments

ඔබේ ආරම්භක මට්ටම ඉහළ නැංවීම සඳහා කඩිනම් මාර්ගෝපදේශ…

වත්මන් ව්‍යාපාරික සමාජය තුළ ව්‍යවසායකයකු වීම යම් අභියෝගාත්මක කරුණක් වුවත් ශ්‍රේෂ්ඨ ව්‍යවසායකයෙකු වීමට වෙර දරණ පුද්ගලයෙකුට එය එතරම් අභියෝගයක් නොවේ. සාර්ථකත්වය සඳහා ඇති දැඩි කැපවීමත් මානසික ශක්තියත් ඊට ප්‍රධානතම හේතුවයි.
ඕනෑම ව්‍යවසායකයකු ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදි ව්‍යාපාරයේ අනාගත වර්ධනය හා දියුණුව පිළිබඳ නිරන්තර අවධානය යොමු කරයි. ඒ සඳහා ඔවුන් විවිධ ක්‍රමවේද අනුගමනය කරයි. එම ක්‍රමවේදයන් අතරින් ඉතාමත් වැදගත් ක්‍රමවේදයක් වන්නේ ව්‍යාපාරයේ ආරම්භය මට්ටම ඉහළ නැංවීමයි. මෙම ක්‍රමවේදය පිළිබඳ බොහෝදෙනා දැන සිටියත් එය නියමාකාරව අනුගමනය කරන්නේ ඉතාමත් සුළු පිරිසකි. එසේනම් ව්‍යාපාරයේ ආරම්භක මට්ටම ඉහළ නැංවීම සඳහා අනුගමනය කළ යුතු නිවැරැදි ක්‍රමවේදයන් මොනවාද යන්න පිළිබඳ අද අප අවධානය යොමු කරමු.
ඔබ ව්‍යාපාරික හිමිකරුවකු ලෙස ඔබේ සමාගමේ දැක්ම ඉදිරියට ගෙනයාමේ වගකීම ඔබ සතුවේ. එ බැවින් ව්‍යාපාරය සතු ඉලක්ක හා අභියෝග සංවර්ධනය කිරීම අත්‍යවශ්‍ය කරුණක් වන අත එකී ව්‍යාපාරය සංවර්ධනය සඳහා අවශ්‍ය ව්‍යාපාරය ඊලඟ මට්ටමට වෙත ගෙන යා හැකි උපාය මාර්ග කීපයක් මෙසේ සඳහන් කළ හැකිය.
1) නව නීති අනුව ව්‍යාපාර හැඩගස්වා ගන්න.
2)
නව අදහස් නිර්මාණය කිරීම සඳහා ඔබේ ඉහල සේවකයින් සහ කළමනාකරුවන් සමග නිතරම සාකච්ඡා කරන්න.
3)
ඔබේ අනාගත ගනුදෙනුකරු තේරුම් ගන්න.
4)
වඩා හොඳ පාරිභෝගික සේවාවක් සැපයීම සඳහා සමාජ මාධ්ය භාවිතා කරන්න.
5)
ව්‍යාපාර සඟරා කියවන්න.
6)
ඔබේ ඵලදායිතාවය වර්ධනය කරගැනීම සඳහා සෞඛ්ය සම්පන්න පුරුදු භාවිතා කරන්න.

1) නව නීති අනුව ව්‍යාපාර හැඩගස්වා ගන්න.
ව්‍යාපාර පරිසර නිතරම වෙනස් වන බැවින් නව නීති පිළිබඳ නිරන්තර අවධානයෙන් සිටීම ඉතාම වැදගත් වේ. මෙම නව නීති ව්‍යාපාරයට නව ආයෝජනයක් ලබාදීම සදහා මහත්සේ උපකාර වන බව හොඳින් මතකයේ තබා ගන්න.

2) නව අදහස් නිර්මාණය කිරීම සඳහා ඔබේ ඉහල සේවකයින් සහ කළමනාකරුවන් සමග නිතරම සාකච්ඡා කරන්න.
ව්‍යාපාරයක සාර්ථකත්වයට ඇති එක් ප්‍රධානතම හේතුව වන්නේ සේවකයින් සතු ව ඇති නිර්මාණශීලීත්වය යි. ව්‍යාපාරයේ සාමාජිකයන්ගේ අදහස්, දැනුම, බුද්ධිමත් භාවය යන කරුණු වලට මූලිකත්වය ලබා දීමත් එකී කළමනාකරුවන් සමග නිතරම සාකච්ඡා කිරීම මගින් සෑම ගැටලුවකටම ගුණාත්මක විසදුම් ලබාදීමට හැකිවීම මෙහි ඇති ප්‍රධානතම වාසිදායක බවයි. මෙම ක්‍රමවේදය ව්‍යාපාරයේ ආරම්භක මට්ටම ඉහළ ගෙනයාමට ඉතාමත් උපකාරී වේ.

3) ඔබේ අනාගත ගනුදෙනුකරුවන් තේරුම් ගන්න.
බොහෝ ව්‍යාවසායකයන් ව්‍යාපාර සැලසුම් වලදී, අනාගත ගනුදෙනුකරුවන් පිළිබඳ තොරතුරු, ඔවුන්
ගේ මිලදී ගැනීම් හා තාක්ෂණ භාවිතය වැනි ක්‍රියාකාරී තොරතුරු වලට ඇත්තේ ඉතාමත් අඩු අවධානයකි. ඔබේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය තීරණය කරනු ලබන ගනුදෙනු කරුවන් පිළිබඳ දෛනිකව අවධානයෙන් සිටීමත් ඔවුන් ව්‍යාපාර භූමියේ කරන කියන දෑ පිළිබඳ හොඳින් දැන සිටීම තුලින් ඔබේ ව්‍යාපාරයේ ඉදිරි ගමනට අවශ්‍ය මොනවාද යන්න නිසැකවම ඔබට තීරණය කළ හැකි වේ.

4) වඩාත් හොඳ පාරිභෝගික සේවාවක් සැපයීම සඳහා සමාජ මාධ්‍ය හා නව තාක්ෂණය භාවිතා කරන්න.
වත්මන් සමාජය තුළ සමාජ මාධ්‍ය බොහෝ සෙයින් ප්‍රචලිත වෙමින් පවතී. ලොව පුරා සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින Facebook Instagram Twitter වැනි සමාජ ජාල හරහා ව්‍යාපාරික ලෝකයේ ඇති තොරතුරු දැන ගැනීමටත් නව ගනුදෙනුකරුවන්, සේවකයින්, හා පාරිභෝගිකයින් ව්‍යාපාරය වෙත ආකර්ෂණය කර ගැනීමටත් ඉතාම උපකාරී වන අතර එය නිවැරදිව භාවිතා කිරීම තුලින් ඔබේ ව්‍යාපාරයට නව ප්‍රවේශයක් ලබා ගත හැකිය. තවද නව තාක්ෂණය දෛනික ව්‍යාපාරික කටයුතු ඉතාමත් පහසු කරවන අතර එය
ව්‍යාපාරයේ ඵලදායිතාවය ඉහළ නැංවීම සඳහාත් සැබෑ ව්‍යාපාරික සාර්ථකත්වයක් අත්කර ගැනීම
සඳහාත් මහත් අත්වැලක් සපයයි.

5) ව්‍යාපාර සඟරා කියවන්න.
ව්‍යාපාර සඟරා සහ වෙනත් ප්‍රකාශන ඔබේ ව්‍යාපාරයේ අනාගතය සඳහා ඔබේ දැනුම ලබා ගැනීමට උපකාරි වනු ඇත. ව්‍යාපාරික විද්වතුන්ගේ සාර්ථකත්වයට හේතු වෙන කරුණු කාරණා ගැන අධ්‍යයනය කර ඔවුන් අනුගමනය කර ඇති ක්‍රියා පටිපාටි පිළිබඳ අවබෝධයක් ඔබට ලබා ගැනීමෙන් ඔබගේ අරමුණු , ඉලක්ක වෙත සාර්ථක ලෙස ළඟාවීමට ඔබට හැකිවේ. තවද ව්‍යාපාරයේ ආරම්භය තව තවත් වැඩිදියුණු කිරීමට ඔවුන් අනුගමනය කර ඇති කරුණු කාරණා අවබෝධ කර ගැනීමත් ඒවා ඔබේ ව්‍යාපාරයට යොදා ගැනීමත් තුළින් එය ඔබේ ව්‍යාපාරය සාර්ථක ලෙස ඉදිරියට ගෙන යනු නිසැකයි.

6) ඔබේ ඵලදායිතාවය වර්ධනය කරගැනීම සඳහා සෞඛ්ය සම්පන්න පුරුදු භාවිතා කරන්න.
සෞඛ්ය සම්පන්න වීම ඔබේ ව්‍යාපාරයට විශාල බලපෑමක් ඇති කළ හැකි දෙයක් නොවේ. එහෙත් සෞඛ්ය සම්පන්න පුරුදු වර්ධනය කිරීමෙන් ඔබේ නිෂ්පාදනශීලිතාව ඉදිරියට ගෙන යා හැකි වන අතර ඔබේ ඵලදායිතාවය වර්ධනය කරගැනීමට සෑම විටම සෞඛ්ය සම්පන්න පුරුදු භාවිත කිරීමට මතක තබා ගන්න. එය ව්‍යාපාරික ජීවිතයට මෙන්ම ඔබේ පුද්ගලික ජීවිතයේ සාර්ථකත්වයටත් උපකාර මහත් සේ උපකාර වේ.

මෙම උපාය මාර්ග නිවැරදිව අනුගමනය කළ හැකිනම් ඔබේ ව්‍යාපාරයේ ආරම්භක මට්ටම ඔබට නොදැනුවත්වම ඉහළ යනු ඇත.

සාරාංශය

ඔබේ ව්‍යාපාරය ඉදිරියට ගෙන යාමට අවශ්‍ය නම් අරමුණ ඉලක්ක කරගත් මානසිකත්වයක් සහිතව කටයුතු කිරීමෙන් ඔබේ ව්‍යාපාරය දිනෙන් දින ජයග්‍රහණයේ මාවත කරා ගමන් කරනු ඇත.
ව්‍යාපාරයේ නිසි ප්‍රතිලාභ ලබා ගැනීමට ඔබ අපේක්ෂා කරන්නේ නම් ඔබේ කැප කිරීම ඉතාමත් අත්‍යවශ්‍ය වනු ඇති අතර සෑම විටම ඔබගේ විශ්වාසය හා අවංකව ඔබේ ගනුදෙනුකරුවන්, හා පාරිභෝගිකයින් සමඟ කටයුතු කිරීමෙන් ව්‍යාපාරයේ ආරම්භක මට්ටම ඉහළට ගමන් කරනු නොඅනුමානයි.

සැකැස්ම – බිනාලි රාජපක්ෂ

Reshali Balasubramaniam

Head of HR, HR Counselor and adviser at https://work.lk/. Do you offer a Service? Signup for an account at work.lk