Reshali Balasubramaniam
June 11, 2019
Behavioural Psychology-Creativity-Decision Making-Goal Setting No Comments

ඔබේ ආරම්භක ව්‍යාපාරයට නව කළමණාකරන කණ්ඩායමක් බඳවා ගැනීම සඳහා මාර්ගෝපදේශ

ඕනෑම ව්‍යාපාරයක හෝ සමාගමක අනාගත පැවැත්ම උදෙසා එකී ව්‍යාපාරයට අදාල නිපුණතාවයන් වර්ධනය කිරීම ඉතාම වැදගත් කරුණකි.
එම නිපුණතාවන් වර්ධනය කිරීම ව්‍යාපාරය ශක්තිමත් බවට මනා රුකුලක් වන අතර ඒ සඳහා ජනතාවගේ හෝ පුද්ගලයන්ගේ නිවැරදි මිශ්‍රණය ලබා ගැනීම අත්‍යවශ්‍යය වනු ඇත.
මෙසේ කාර්යක්ෂම ව්‍යාපාරයක් නිර්මාණය කිරීම සඳහා උසස් ගුණාත්මක රැකියා අයදුම්කරුවන් තෝරා ගැනීම අභියෝගාත්මක ක්‍රියාවලියක් වුවත් නිවැරදි ක්‍රම වේද අනුගමනය කරමින් ඔබට සිදු කළ හැකි නම් ව්‍යාපාරික භූමිය තුළ එය ඔබ ලද එක් ජයග්‍රහණයක් බව මතක තබාගන්න.
ඒ අනුව ඔබ තෝරාගත් නිවැරදි පුද්ගලයන් ගෙන් සැදුම්ලත් කණ්ඩායම තුළ විවිධ හැකියාවන් සහ දක්ෂතාවයන් ගෙන් යුතු පුද්ගලයින් සිටිය හැකි අතර ඔවුන් අතරින් කළමනාකරණ හැකියාව ඇති
පුද්ගලයින් කණ්ඩායමක් ලෙස සේවයට බඳවා ගැනීමේදී ඔබ විසින් දැනගත යුතු කරුණු කාරණා කිහිපයක් පිළිබඳ මාර්ගෝපදේශයක් ලබාදීමටයි අද අපේ සූදානම.
මෙම මාර්ගෝපදේශය මඟින් කළමනාකරණ කණ්ඩායමක් පිහිටුවීමේදී සහාය වන චින්තන ක්‍රියාවලිය සහ ක්‍රමවේදයන් ඔබේ ව්යාපාරයට ඵලදායි කළමනාකාරී කණ්ඩායමක් නිර්මාණය මනා පිටුවහලක් සපයයි.

 

 

ඒ සඳහා වන ක්‍රමවේදයන් මෙසේ පෙළ ගැස්විය හැකිය.
1. අභ්‍යන්තරික ප්‍රවර්ධනය

  1. ආයතනික සංස්කෘතිය
    3. විවිධත්වය
  2. මෘදු නිපුණතා පිළිබඳ අවධානය
  3. ක්‍රියාකාරී බඳවා ගැනීම.

    1. අභ්‍යන්තරික ප්‍රවර්ධනය

    ඔබගේ කළමනාකරණ කණ්ඩායම බඳවා ගැනීමේ හොඳම ක්‍රමය අභ්‍යන්තරික බදවාගැනීමයි.
    එම ක්‍රියාවලිය සඳහා ඔබ අනුගමනය කලයුතු ක්‍රියා පටිපාටීන් කිහිපයක් පහත දැක්වේ.
    ඔබේ සේවකයින්ගේ සමීපව සෝදිසියෙන් සිටින්න.
    ඔවුන් අතර නායකත්ව කුසලතා පිළිබඳ ලක්ෂණ සොයා බලන්න.
    නිර්මාණශීලී වන්න.
    ඔබේ විකුණුම් කණ්ඩායම හසුරුවන හොඳම පුද්ගලයා ඔබේ ප්‍රධාන අලෙවි කරුවා නොවේ. එය විකිණුම් කණ්ඩායමේ කෙනෙකු විය හැකිය.
    විශ්වාසයක්, හොඳ සන්නිවේදන හැකියාවන් සහ කණ්ඩායමක් ලෙස වැඩ කිරීමට ඇති හැකියාව සොයා බලන්න.

    2.
    ආයතනික සංස්කෘතිය පිළිබඳ අවබෝධය

    හොඳ සේවකයෝ ස්වභාවික ලෙස හොඳ සංස්කෘතියක් ඇති සමාගම් වෙත ආකර්ෂණය වනු ඇත. ඔබේ ව්‍යාපාරය තුළ එක් පුද්ගලයෙකු හෝ 100 දෙනෙකු සේවයේ යෙදී සිටිනවා නම්, ඔබ දැනටමත් සංස්කෘතියක් හිමි ව්‍යාපාරිකයකු වනු ඇත. මේ අනුව ඔබට අවශ්‍ය කළමනාකරණ කණ්ඩායමේ ආකර්ෂණය කරන සංස්කෘතියක් නිර්මාණය කිරීම අසීරු නොවනු නිසැකයි.

    3. විවිධත්වය

    එකිනෙකට වෙනස් දර්ශන වලින් සහ විවිධ පසුබිම් සහිත කළමණාකරුවන් කණ්ඩායමක් නිර්මාණය කර ගැනීම කෙරෙහි සලකා බලන්න.

එකිනෙකට වෙනස් දර්ශන වලින් සහ විවිධ පසුබිම් සහිත කළමණාකරුවන් කණ්ඩායමක් නිර්මාණය කර ගැනීම කෙරෙහි සලකා බලන්න. විවිධ අංශවලින් පුද්ගලයින් තෝරා ගැනීම තුළ කණ්ඩායමේ නිර්මාණශීලීත්වය තවත් වැඩි දියුණු වනු ඇත. කළමණාකරන කණ්ඩායමක නිර්මාණශීලීත්වය වැඩි කිරීමට මෙම ක්‍රමවේදය ඉතාමත්ම උපකාරී වේ

4. මෘදු නිපුණතා පිළිබඳ අවධානය

නූතනයේ ව්‍යාපාරික සමාජය වැඩි දියුණු කිරීම සඳහා ව්‍යාපාරික නිපුණතාවන් හා කුසලතාවන් අත්‍යවශ්‍ය කරුණක් බවට පත්ව තිබේ.
එහිදී සන්නිවේදන හැකියාවන්, අරමුණු සැකසීම හා කාර්යක්ෂම බලය බෙදා හැරීමේ හැකියාව වැනි මෘදු හැකියාවන් කළමනාකරුවෙකුගේ සාර්ථකත්වයට ඉතාම වැදගත් වන අතර මේ ආකාරයට මෘදු නිපුණතා පිළිබඳ අවධානය යොමු කිරීම කළමණාකරන කණ්ඩායමක් බිහි කිරීමෙහිලා මනා අත්වැලක් වනු ඇත.

5. ක්‍රියාකාරී බඳවා ගැනීම.

සමහර විට ඔබේ කළමනාකාර කණ්ඩායම සඳහා හොඳම පුද්ගලයා දැනටමත් වෙනත් තැනක සේවය කර ඇත. යම් අවස්ථාවක ව්‍යාපාරික වශයෙන් අත්දැකීම් ඇති ගැලපෙන අයෙකු ඔබට මුණගැසුණේ නම් ඔබේ ව්‍යාපාරය පිළිබඳව සාකච්ඡා කිරීමට හා ව්‍යාපාර කාඩ්පතක් ඔහුට හෝ ඇයට ලබා දීමට බිය නොවන්න. ඔබේ කළමනාකරණ කණ්ඩායමේ වර්ධනය කිරීමට මෙය ඉතාමත් උපකාරී වනු ඇත.

සාරාංශය

මෙසේ නිවැරදි මිනිසුන් බඳවා ගැනීමට සහ එම සේවකයින් රඳවා ගැනීමට ක්‍රම සොයා ගැනීම මගින් නිවැරදි දිශාවකට ඔබේ ව්‍යාපාරය මෙහෙයවීමට හැකි කණ්ඩායමක් ගොඩනැගීමට ඔබට හැකි වනු ඇත. ඔබට නිවැරදි පුද්ගලයින් සොයා ගැනීම කාර්යබහුල ක්‍රියාවලියක් විය හැකි නමුත් දක්ෂතාවයන්ගෙන් පිරිපුන් කළමනාකරණ කණ්ඩායමක් තොරා ගැනීම ඔබේ අනාගත ව්‍යාපාරයේ සාර්ථකත්වය කරා යන මාවත විවර කරනවා නිසැකයි..

සැකැස්ම – බිනාලි රාජපක්ෂ