Reshali Balasubramaniam
November 6, 2018
Uncategorized No Comments

කණ්ඩායමක් තුළ නිර්මාණශීලීත්වය පෝෂණය කරන්නේ කෙසේද

මේ සැරේ දිනන්නේ නම් අපේ කණ්ඩායම තමයි”

ජීවිතය ජයගන්නට ඇති අභියෝග බොහොමයි.  දෛනික ජීවිතයේ අප මුහුණ දෙන අභියෝගයන්ට වඩා ව්‍යාපාරයෙදි අපට හමුවන අභියෝග එතරම් සුළුපටු නොවෙයි. ඊට හේතුව ව්‍යාපාර තුළ ඇති සංකීර්ණත්වය යි. දිනෙන් දින වෙනස්වන ව්‍යාපාරික ලෝකය තුළ  අරමුණු ඉලක්ක නිසි ලෙස ඉටුකර ගැනීමට නම් එම අභියෝග කෙරෙහි සාර්ථකව මුහුණ දීම ඉතාමත් වැදගත් වන කරුණකි.කණ්ඩායමක් තුළ ඇති නිර්මාණශීලිත්වය අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීම සඳහා වූ එක් විශේෂ ක්‍රරමවේදයකි.කණ්ඩායමක් තුළ ඇති නිර්මාණශීලිත්වය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? අපි දැන් ඒ පිලිබද අවධානය යොමු කරමු.  “කණ්ඩායමේ නිර්මාණශීලීත්වය යනු පුද්ගල කණ්ඩායමක් විසින් සේවා ක්‍රියාපටිපාටි හා නිෂ්පාදන ක්‍රියාවලින් සම්බන්ධ ප්‍රයෝජනවත් සහ නව අදහස් නිර්මාණය කිරීමයි.

නිර්මාණශීලිත්වයේ අන්තර්ගතය මෙසේ ය.

ඔබ කුමන ආකාරයේ ව්‍යාපාරයක නිරත වුවද ලෝකය තුළ ඇති තරගකාරිත්වය නිසා නිරන්තරයෙන් නව සොයාගැනීම් වලට අවධානය යොමු කළයුතුයි. අලුත් මාර්ග වලින් ලෝකය වටහා ගැනීමටත් සැඟවුණු රටා සොයා ගැනීමටත් අසම්බන්ධ සංසිද්ධීන් අතර සම්බන්ධතා ඇතිකර ගැනීමටත් හා ඊට සුදුසු ක්‍රම සොයාගැනීමටත් නිර්මාණශීලීත්වය තුළින් සිදු කළ හැකි වේ. මේ නිසා නිර්මාණශීලිත්වය ඔබගේ කණ්ඩායමේ එදිනෙදා ක්‍රියාවලියේ කොටසක් බවට පත් කර ගැනීමට මතක තබා ගන්න.
ඔබේ කණ්ඩායම් තුළ නිර්මාණශීලීත්වය වැඩි දියුණු කරන්නේ කෙසේද? ඒ සඳහා ක්‍රමවේද කිහිපයක් මෙසේ පෙළ ගැස්විය හැකිය.

  1)ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට දිරි ගන්වන්න.
2)
වැඩ කරන විවිධ මාර්ගයන්ට පහසුකම් සලසන්න.
3)
ක්‍රියාපටිපාටි වෙනස් කරන්න.
4) 
මඟ පෙන්වන චර්යාත්මක සැසි පවත්වන්න.
5) 
විවිධත්වයක් ඇති කරන්න.
6) 
අන්තර් කණ්ඩායම් සන්නිවේදනය සඳහා ක්‍රියාවලි ස්ථාපනය කරන්න.
7)  
කණ්ඩායමේ නායකයින්ට මනා පුහුණුවක් ලබා දෙන්න.
8) 
සම්බන්ධතා ගැටලු ඉතා ඉක්මනින් විසදන්න.

1) ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට දිරි ගන්වන්න.

නිර්මාණාත්මක අදහස් අගය කරන්න. ඔවුන්ගේ අදහස් හුවමාරු කිරීමේ දී පැන නගින ගැටළු සඳහා නිර්මාණාත්මක විසඳුම් ලබා දෙන්න. සාකච්ඡා මාර්ගයෙන් අවශ්‍ය අදහස් හුවමාරු කිරීමට උනන්දු කරවන්න. එවිට එකිනෙකා අතර මනා සන්නිවේදනයක් මෙන්ම නව අදහස් හුවමාරු වනු ඇත.

2) වැඩ කරන විට විවිධ මාර්ග සඳහා පහසුකම් සලසා දෙන්න.
ඉලක්කයන් සපුරා ගැනීම සඳහා තමන්ගේම මාර්ග ස්ථාපිත කිරීමට ඉඩ ලබාදෙන්න.  මෙහිදී සමහර අය කණ්ඩායම් වශයෙන් වැඩි කිරීමට කැමතියි. තවත් සමහර අය තනිවම වැඩ කිරීමට කැමතියි. ඔවුන්ගේ සිතිවිලි අදහස් ප්‍රකාශ කිරීමට පැන්සල්, පොත් පරිගණක, ජංගම දුරකථන ටැබ්ලට් වැනි නව උපකරණ යොදා ගැනීමට අවස්ථාව ලබා දෙන්න. සන්නිවේදනය පුළුල් කිරීම සඳහා නව මාධ්‍ය භාවිතය ට ඉඩ  ලබා දෙන්න. මෙය නිර්මාණශීලීත්වය වැඩිකරගත හැකි තවත් එක් උපක්‍රමයකි.

3) ක්‍රියාපටිපාටි වෙනස් කරන්න.
ඒකාකාරීව කාර්‍යයන් වෙනුවට නව කාර්යයන් හඳුන්වා දෙන්න. සීමිත කාලයක් සඳහා එක් කාර්යයක් හෝ දෙකක් වෙනස් කරන්න. එමගින් ඔවුන්ගේ දෘෂ්ටිකෝණය වෙනස් වෙයි. විවිධ දෘෂ්ටිකෝණවලින් කටයුතු කිරීම කණ්ඩායම තුළ නිර්මාණශීලීත්වය තවත් පෝෂණය කරයි.

4)   මඟ  පෙන්වන චර්යාත්මක සැසි පැවැත්වීම.
ඵලදායි මගපෙන්වීමක් කළ හැකි කථිකාචාර්යවරයකු හෝ මහාචාර්යවරයෙකු වැනි දැනුමෙන් උසස් පුද්ගලයෙකු හෝ අදාළ කෙෂ්ත්‍රය පිළිබඳ පළපුරුදු අත්දැකීම් සහිත පුද්ගලයෙකු මෙම  සැසි සඳහා තෝරාගන්න. ඔවුන් ගේ පලපුරුදු හා දැනුම නව සාමාජිකයින්ට බොහෝ ප්‍රයෝජනයක් වනු ඇත. එහිදී
මූලික යෝජනා හා අදහස් වටයක් පවත්වා එහි තොරතුරු එකිනෙකා සමඟ ගවේෂණය ලක් කරන්න.එය කුමන ආකාරයෙන් කරනේද යන්න  ඔබේ කණ්ඩායම සමග සාකච්ඡා කරන්න. හොදම අදහස් තුන තෝරාගන්න. ඵලදායි ආකර්ෂණීය විසදුම් හෝ නිපැයුම් නිර්මාණය කරගත හැකි අන්දමින් කණ්ඩායම සමඟ වැඩ කරන්න.

5) විවිධත්වයක් ඇති කරන්න.
නිර්මාණශීලී කණ්ඩායමක් නව අලෙවිකරණ අදහස් සඳහා අවශ්‍ය වූ විට එය අලෙවිකරණයට සීමා නොකරන්න. විවිධ අංශවලින් මිනිසුන් සම්බන්ධ කරගන්න. මෙහිදී කණ්ඩායමේ සාමාජික සාමාජිකයන්ගේ විවිධත්වය, විවිධාකාර පළපුරුදු, නිපුණතා සහ සිතීමේ රටාවන් මගින් නිර්මාණශීලීත්වය තව තවත් වර්ධනය වනු ඇත.

6) අන්තර් කණ්ඩායමේ සන්නිවේදන ක්‍රියාවලිය ස්ථාපනය කරන්න.
මෙහිදී   කණ්ඩායම්වල සාමාජිකයන් එකිනෙකා අතර ඇති අදහස් හුවමාරු කරගත හැකිය. කණ්ඩායමෙන් පිටත සාමාජිකයන් අසමත් වන ගැටළුවක් සම්බන්ධයෙන් යම් දෙයක් වෙනත් කණ්ඩායම් සාමාජිකයෙක් දැකිය හැකිය. උදාහරණයක් වශයෙන් කණ්ඩායම Aට වඩා Bට වෙනස් දෘෂ්ටිකෝණයකින් එම ගැටලුව අභියෝගයට ලක් කරයි. එමගින් ගැටළු විසදාගැනීමට විකල්ප මාර්ග පිළිබඳ යම් දැනුමක් එමගින් ලබාගත හැකිය.

7) කණ්ඩායම් නායකයින් පුහුණු කිරීම.
කණ්ඩායමේ සාමාජිකයන් ගෙන් උපරිම හැකියාවක් ලබා ගැනීම සඳහා කණ්ඩායම් නායකයන් උපරිම නිර්මාණශීලී හැකියාවකින් යුතු වීම ඉතාමත් වැදගත් වේ.

8) සම්බන්ධතා ගැටලු ඉක්මනින් විසඳීම.
කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනකු අතර යම් ගැටලුවක් තිබේ නම් කණ්ඩායමේ නායකයා හෝ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවකු මැදිහත් වී ඊට විසදුම් ලබාදෙන්න. මෙකී ගැටළු නිර්මාණශීලීත්වයට හානි පැමිණවීමට හැකි බැවින් ගැටලු ඇති නොවීමට වගබලාගැනීම කණ්ඩායමේ නායකයා සතු ප්‍රධානතම වගකීම වේ.

මෙම ක්‍රමවේදයන් නිවැරදිව ක්‍රියාත්මක කිරීම තුළින් ඔබගේ කණ්ඩායමේ තුළ නිර්මාණශීලීත්වය පෝෂණය කරගත හැකි බව සඳහන් කළ හැකිය.

සැකැස්ම – බිනාලි රාජපක්ෂ