Reshali Balasubramaniam
March 19, 2019
Behavioural Psychology-Creativity-Decision Making No Comments

ව්‍යවසායකත්වයට පිවිසීමට පෙර ඔබ දැන ගත යුතු දේ…

දිනෙන් දින වෙනස් වන ව්‍යාපාරික ලෝකයේ නව්‍ය ව්‍යවසායකයින්ට හිමි වන්නේ ඉතාමත් සුවිශේෂී ස්ථානයක්. නූතන සමාජයේ ඇති සංකීර්ණත්වයත් දැඩි තරගකාරීත්වයත් හමුවේ සාර්ථක ව්‍යවසායකයෙකු ලෙස ඉදිරියට ගමන් කිරීම ලෙහෙසි පහසු නොවුනත් ව්‍යාපාරික සමාජය පිළිබඳ ඔබගේ නිවැරදි අවබෝධය සාර්ථකත්වයට දොරටු විවර කරනවා නිසැකයි.
ඔබ නව ව්‍යවසායකයෙකු ලෙස ව්‍යාපාරික ජීවිතය ආරම්භ කිරීමේ දී ව්‍යවසායකත්වයට පිවිසීමට පෙර ඔබ විසින් අනිවාර්යයෙන් දැන සිටිය යුතු වැදගත් යුතු කරුණු කිහිපයක් ඇත. එසේ නම් අද අප සූදානම් වන්නේ එම කරුණු පිළිබඳ නිවැරදි දැනුමක් ඔබට ලබා දීමටයි.

එම කරුණු කිහිපය මෙසේ පෙළ ගැස්විය හැකි ය.
1. නිශ්චිත ඉලක්කයක් තබන්න.
2 .
ඔබේ ශක්තීන් කෙරෙහි
අවධානය යොමු කරන්න.
3 .
සාර්ථකත්වයට පත් වූ පුද්ගලයන් පිළිබඳ අධ්‍යයනය කරන්න.
4.
නිවැරදි කණ්ඩායමක් තෝරා ගන්න.
5.
ක්‍රමවත්ව මුදල් පරිහරණය කරන්න.
6
ව්‍යාපාරික පර්යේෂණ කරන්න.
7
නව ව්‍යාපාරයට අදාළ ව්‍යාපාර සැලැස්මක් ලියන්න
8.
ප්‍රේක්ෂකාගාරයක් ගොඩනඟන්න.
9.
සේවකයින් බඳවා ගන්න
10.
ඔබේ ගනුදෙනුකරුවන් හදුනාගන්න.

 

නිශ්චිත ඉලක්කයක් තබන්න.
සෑම විටම එක් ඉලක්කයක් පමණක් තෝරාගන්න. ඊට ප්‍රමුඛත්වය ලබා දෙන්න. ඉලක්කයේ ආරම්භයේ සිට සරලව එය ක්‍රියාවට නංවන්න. ඊට අවධානය යොමු කරන්න

2. ඔබේ දුර්වලතා නොව ඔබේ ශක්තීන් කෙරෙහි
අවධානය යොමු කරන්න.

ඔබේ සාර්ථකත්වයට හේතුව වන්නේ ඔබේ ශක්තියයි.එබැවින් එම ශක්තිය කෙරෙහි අවධානය යොමු කිරීම ඉතාම වැදගත්. එමෙන්ම ඔබේ ආශාව ද ඔබව ශක්තිමත් කරයි.
මෙහිදී ඔබට නව ව්‍යාපාරය කෙරෙහි ඇති ආශාව අල්ප වුවහොත් ඔබේ සාර්ථකත්වය පිළිබඳ අවස්ථාව අඩු විය හැකි බව මතක තබා ගන්න.

3. සාර්ථකත්වයට පත්වු වූ පුද්ගලයන් පිළිබඳ අධ්‍යයනය කරන්න.

ව්‍යාපාරික ජීවිතය සාර්ථක කරගැනීමට අවශ්‍ය උපදෙස් ලබාගැනීම සඳහා සාර්ථක වූ චරිත පිළිබඳ අධ්‍යයනය කරන්න. ස්ටීව් ජොබ් හෝ බිල් ගේට්ස් වැනි විද්වතුන්ගේ සාර්ථකත්වයට හේතු වෙන කරුණු කාරණා වෙත අවධානය යොමු කරන්න. එමෙන්ම ඔවුන්ට සිදු වූ වැරදි වලින් නිවැරදි දේ කුමක්ද යන්න ඉගෙන ගන්න.
එම අත්වැරදීම් ඔබට හොඳ ඉගෙනුම් අවස්ථා විය හැකි අතර ඔබගේ අරමුණු , ඉලක්ක කරා සාර්ථක ලෙස ගමන් කිරීමට මෙය ඔබට අත්වැලක් සපයයි

4. නිවැරදි කණ්ඩායමක් තෝරා ගන්න.

කණ්ඩායමට පුද්ගලයින් තෝරා ගැනීමේ දී ඒ සඳහා විවිධ අංශවල පුද්ගලයින් සම්බන්ධ කරගන්න. කණ්ඩායමේ සාමාජික සාමාජිකාවන්ගේ විවිධත්වය, විවිධාකාර පළපුරුදු, නිපුණතා සහ සිතීමේ රටාවන් කණ්ඩායමේ වර්ධනය කෙරෙහි ඉතමත් උපකාර වනු ඇත.
එමෙන්ම කණ්ඩායම් සාර්ථකත්වයට ප්‍රධානතම හේතුව වන්නේ කණ්ඩායම තුළ ඇති නිර්මාණශීලීත්වය හා සහයෝගිත්වය යි.කණ්ඩායමේ සාමාජිකයන්ගේ අදහස් දැනුම බුද්ධිමත් භාවය යන කරුණු වලට ප්‍රමුඛත්වය ලබා දීම තුළින් ඇති වන සෑම ගැටලුවකටම ගුණාත්මක විසදුමක් ලබා ගත හැකි වේ.

5. ක්‍රමවත්ව මුදල් පරිහරණය කරන්න.

නූතනයේ මුදල් ජීවන රටාවේ කොටසක් බවට පත්ව තිබේ. ව්‍යාපාරයක් ආරම්භයේ දී මෙන්ම ව්‍යාපාරයක් ගොඩනැගීමේ දී මුදල් අත්‍යවශ්‍ය අංගයක් වන අතර බොහෝ ව්‍යවසායකයින් ව්‍යාපාර ආරම්භ කිරීමට තමන්ගේ ඉතුරුම් මුදල් භාවිත කරයි. එය ඉතාමත් අවදානම් සහගත බැවින් මූල්‍ය පරිහරණයට ක්‍රමවත් සැලැස්මක් සකස් කර ගැනීමෙන් එම අවදානම අවම කරගත හැකිය.

6. ව්‍යාපාරික පර්යේෂණ කරන්න.

ව්‍යාපාරික කටයුතු වේගවත් වීමට ව්‍යාපාරික පර්යේෂණ ඉතා වැදගත් වේ.
ඉගෙන ගැනීමට ඇති හැකියාවත් නිසා මෙහිදී සාර්ථක ප්‍රතිඵල ඔබට අත්පත් කර ගැනීමට හැකි ය.
ඔබේ කර්මාන්තයේ ලිපි , පොත් මෙන්ම ව්‍යාපාර සගරා කියවීම සඳහා කාලය වෙන් කරන්න.
ඔබ ඉගෙන ගන්නා දේහි ප්‍රතිඵල අත්හදා බැලීම් ලෙස සලකන්න.
එක් අත්හදා බැලීමක් අසමත් වුවහොත්, ඔබ සිතූ පරිදි එය වෙනස් කර බලන්න.
දෛනිකව ඔබ කළ දේ සමාලෝචනය කරන්න.

  1. නව ව්‍යාපාරයට අදාළ ව්‍යාපාර සැලැස්මක් ලියන්න

    ව්‍යාපාරයේ සාර්ථකත්වය සඳහා අත්‍යවශ්‍ය වන අරමුණු,කාල සීමාවන්, මූල්‍ය, නායකත්වය, කාර්යමණ්ඩලය හා මෙහෙයුම් යනාදී තොරතුර සියල්ලම ඇතුළත් කර ගනිමින් ව්යාපාර සැලැස්මක් ලියන්න.
    මෙම ව්‍යාපාර සැලැස්ම නිවැරදි ව සැකසීම සඳහා ව්‍යාපාරික දැනුම ඇති උපදේශකයකු, සම වයසේ මිතුරෙකු හෝ ඒ හා සම්බන්ධ පුද්ගලයකුගේ සහය ලබා ගන්න. එම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ඔබ විසින් සකස් කර ඇති කාලසීමාව නිසි පරිදි අනුගමනය කරන්න.

    8. ප්‍රේක්ෂකාගාරයක් ගොඩනඟන්න

    ව්‍යාපාරික පර්යේෂණයේදී ඔබ ලබා ගත් තොරතුරු වලට පදනම් කොට ගෙන ඔබේ නව ව්‍යාපාරය සඳහා අවශ්‍ය අන්තර්ජාලය හා සමාජ ජාල වෙබ් අඩවි භාවිතා කරන්නන් කවුරුන්දැයි හදුනා ගන්න.
    ඔබට සමීප හා ප්‍රියමනාප පුද්ගලයින් සහිත ප්රේක්ෂකාගාරයක් ගොඩ නගා ගනිමින් ඒ හා සමාන උනන්දුවක් ඇති පුද්ගලයන් සමග ව්‍යාපාරික තොරතුරු බෙදා ගන්න. එමගින් නව ව්‍යාපාරික පුද්ගලයින් හදුනාගත හැකි අතර
    ඔබ ව්‍යාපාරික තොරතුරු ලියන්නේ නම්, නව බ්ලොග් එකක් ආරම්භ කරන්න.පසුව එය සමාජය වෙත ප්‍රවර්ධනය කරන්න.

    9. සේවකයින් බඳවා ගැනීම.

    ඔබේ ආරම්භක ව්‍යාපාරය සඳහා පූර්ණකාලීනව සේවකයින් බඳවා ගැනීමට අවශ්‍ය නම් අතිරේක වියදම් අවම වන අන්දමින් Freelancers තාවකාලික සේවකයන් ඔබට බදවා ගත හැකි වේ.

    හොඳින් උගත්, වසර ගණනාවක අත්දැකීම් සහිත නීතිඥයින්, ගණකාධිවරුන්, අලෙවිකරණ විධායකයින්, කළමනාකරණ උපදේශකවරුන්, ආරම්භක විශේෂඥයින් සහ තවත් බොහෝ සුදුසුකම් ලත් වෘත්තිකයින්ගේ සහය ස්කයිප් වැනි අනෙකුත් තාක්ෂණයන් සහ වීඩියෝ පණිවුඩ මෙවලම් භාවිතයෙන් ඔබට වඩාත්ම සුදුසුකම් ලත් කම්කරුවන් කුලියට ගැනීම සහ පහසුවෙන් සන්නිවේදනය කිරීමට හැකියාව ඇත.

    10. ඔබේ ගනුදෙනුකරු හදුනාගන්න.

    ඔබේ වෙළඳ අලෙවිය වඩාත් ඉලක්කගත සහ සාර්ථක කර ගැනීම සඳහා වෙළෙඳපොළ තුළ සිටින ගනුදෙනුකරුවන් කවුරුන් දැයි හදුනාගැනීම ඉතාම වැදගත් වන අතර ඔබේ අලෙවිය සාර්ථක කර ගැනීමට මෙය ප්‍රයෝජනවත් වනු ඇත.

    මෙම උපදේශයන් 10 පිළිබඳ සැලකිලිමත් වීමෙන් ඔබව ශක්තිමත් සාර්ථක ව්‍යාපාරයක් ගොඩනැඟීමට උපකාර වනවා නොඅනුමානයි.

    සාරාංශය
    ඔබේ නව ව්‍යාපාරයේ සාර්ථකත්වය සදහා ආරම්භක මුල් වසර කිහිපය තුළ හොඳ සූදානමක් ඇති කර ගැනීම අත්‍යවශ්‍ය කරුණකි. එසේ ව්‍යවසායකත්වයට පිවිසීමට පෙර දැන ගත යුතු මෙම කරුණු ඔබේ සූදානමට මනා අත්වැලක් සපයනවා නිසැකයි.

    සැකසුම –
    බිනාලි රාජපක්ෂ