Reshali Balasubramaniam
February 6, 2019
Decision Making No Comments

ව්‍යවසායකයකුගේ සාර්ථකත්වයට අවශ්‍ය නිවැරදි මානසිකත්වයක් පවත්වාගන්නේ කෙසේද?

නූතන සමාජය තුළ බිහිවන නව ව්‍යවසායකයන් හේතුවෙන් ව්‍යාපාර ලෝකය නිරන්තරයෙන් වෙනස් වේ. මෙම පරිවර්තනය තුළ ව්‍යවසායකයන් අතර සාර්ථකත්වයට පත්වීම පිළිබඳ ප්‍රබල තරඟයක් නිර්මාණය වේ. ඒ අනුව සාර්ථකත්වයට ලගාවීම අභියෝගාත්මක නොසැලෙන අධිෂ්ඨානය, කැපවීම, දැඩි කැමැත්ත මෙන්ම ප්‍රබල මානසික ශක්තිය ඇතිව කටයුතු කිරීම තුළ සාර්ථක ව්‍යවසායකයෙකු වීමට ඇති මාර්ගය ඔබට ඉතා පහසු කරයි.
එසේනම් ව්‍යවසායකයකුගේ සාර්ථකත්වය මෙන්ම ගුණාත්මකභාවය කෙරෙහි බලපාන ලබන කරුණු අතරින් ඊට අවශ්‍ය නිවැරදි මානසිකත්වය ප්‍රබල වේ. මේ පිළිබඳ වැදගත් කරුණු කිහිපයක් වෙතට අවධානය යොමු කිරීමටයි අද අපේ සූදානම.
ව්‍යවසායකයකුගේ පුද්ගල ගති ලක්ෂණ හා මානසික සෞඛ්‍ය සාර්ථක ව්‍යවසායකයෙකු කෙරෙහි ඉතාමත් සමීපව බැඳී පවතී. මානසික සෞඛ්‍යය නිවැරදිව පවත්වා ගෙන යාම සඳහා ඔබ විසින් පුරුදු පුහුණු කළ හැකි ක්‍රියාකාරකම් කිහිපයක් සඳහන් කළ හැකි ක්‍රියාකාරකම් කිහිපයක් මෙසේ සඳහන් කළ හැකියි.

1) නිශ්චිත ඉලක්කයක් තබා ගන්න
2)
මානසික ශක්තිය වැඩිදියුණු කරන්න.
3)
ඵලදායී ලෙස කාර්යයන් කළමනාකරණය කරන්න.
4)
ආධාරක පද්ධතියක් ගොඩනඟා ගන්න.
5)
ගතවන කාලය පිළිබඳ සැලකිලිමත් වන්න.
6)
අපකීර්තින් නොසලකා හරින්න.
7)
නිවැරැදි සිතුවිලි නිර්මාණය කර ගන්න

1) නිශ්චිත ඉලක්කයක් තබා ගන්න.
සෑම විටම නිශ්චිත ඉලක්කයක් පමණක් තෝරාගන්න. ඊට ප්‍රමුඛත්වය ලබා දෙන්න. ඒ පිළිබඳ අවධානය යොමු කරන්න. ඉලක්ක ආරම්භයේ සිට සරලව එය ක්‍රියාවට නංවන්න. ඒ පිළිබඳ තීරණ ගැනීමේදී ඔබට විධිමත් පුහුණුවක් ඇවශ්‍ය වේ. ඊට සුදුසුකම් ඇති අයකුගෙන් උපදෙස් ලබාගන්න.

2) මානසික ශක්තිය වැඩිදියුණු කරන්න.
නව ව්‍යාපාරයක් පවත්වාගෙන යාමේදී බොහෝ වගකීම් මෙන්ම මානසික අඟහිඟකම් ද ඇති වීම සාමාන්‍ය කරුණකි. ඇතැම් අවස්ථාවලදී ඔබට හැඟෙන මානසික පීඩනය හා අවිනිශ්චිතතාවය ඔබට දරාගත නොහැකියි. ඔබ තුළ ඇතිවන පීඩනය මගහරවා සාර්ථකත්වය ගොඩනගා ගැනීමට නම් ධනාත්මක සිතුවිලි ඇතිකර ගැනීමත් ඊට අවශ්‍ය මානසික ශක්තිය වර්ධනය කරගැනීම හා පවත්වාගෙන යාමත් ඔබ විසින් කළ යුතු වේ. එවිට ඔබ තුළ ඇතිවන නිශේධනත්වය මගහරවාගත හැකි අතර දක්ෂ නායකයෙකු වීමට අවශ්‍ය ස්ථාවරත්වය ද මෙන්ම තීරණ ගැනීමට අවශ්‍ය චිත්ත ශක්තිය ද නිසැකවම ඔබ තුළ ගොඩනැගුණු ඇත.

3) ඵලදායී ලෙස කාර්යයන් කළමනාකරණය කරන්න.
ඔබේ සාර්ථකත්වය බොහෝ දුරට රඳා පවතින්නේ ඔබට පැවරී ඇති වැඩකටයුතු ඵලදායිව කළමනාකරණය කිරීම හා ඒවා විසඳා ගැනීමේ ආකාරය මතයි. සාමාන්‍යයෙන් ව්‍යවසායකයකුගේ කාර්යය භාරය කාණ්ඩ දෙකකට වෙන්කල හැකිය.

1.භෞතික
2. මානසික
මෙහිදී ව්‍යාපාර සඳහා අවශ්‍ය මානසික පදනම ගොඩ නගා ගැනීම සඳහා ඔබේ කාර්යය ලබා දෙන්නේ කෙසේද යන්න පිළිබඳ ඔබ දැඩි ලෙස අවධානය යොමු කළයුතුයි. ක්‍රමානුකූලව සේවකයින් කළමනාකරණය කිරීම, සමාගමේ අනාගතය සැලසුම් කිරීම, ඔබේ දෛනික වැඩකටයුතුවලට බාධාවන නොවන අන්දමින් පවත්වාගෙන යාම ඉතාමත් වැදගත් වේ. එහිදී ඔබ වඩාත් කාර්යක්ෂමව වැඩ කලයුතු බව තේරුම්ගත යුතුයි. එමෙන්ම ඒ සඳහා නිසි කාල රාමුවක් සකස් කිරීම ඉතාමත් අවශ්‍ය බව මතක තබා ගන්න.

4) ආධාරක පද්ධතියක් ගොඩනඟා ගන්න.
ඔබේ මානසික සෞඛ්‍ය ගැන සැලකිලිමත් වීමේදී ඔබේ මිතුරන්, පවුලේ සාමාජිකයන් හානෑදෑ හිතවතුන් ඔබේ ජීවිතයේ සහාය පද්ධතිය ලෙස ගොඩනඟා ගන්න. ව්‍යාපාරික ලෝකයේ සමාජ සම්බන්ධතා වර්ධනය කරන විට මෙම ජාලය ඔබට ඉතාමත් උපකාරී වන අතර ඔබට ඇතිවන ගැටලු ඉක්මනින් විසදා ගැනීමටත් බාධකවලින් තොරව ඔබට ඉදිරියට යාමටත් මෙම ජාලය විශාල කර්තව්‍යයක් සපයයි.

 

5) ගතවන කාලය පිළිබඳ සැලකිලිමත් වන්න.
සෑම පුද්ගලයකුටම යම්කිසි වැඩ කොටසක් පැවරී ඇත. ඒ සඳහා සීමිත කාල රාමුවක් ඔහුට හෝ ඇයට හිමිව තිබේ. එම කාලය වේගයෙන් ගමන් කරන බව සැමවිටම සිතන්න. සුදුසු නුවණ භාවිතාකර ඔබට ලැබී ඇති කාලයෙන් උපරිම ප්‍රයෝජන ලබාගන්න.

6) අපකීර්තීන් නොසලකා හරින්න.
ඔබේ ව්‍යාපාරය තුළ ඕනෑම අවස්ථාවකදී යම් යම් විවේචනයන් ඇතිවිය හැකියි. ඊර්ෂ්‍යාව හමුවේ යම් යම් පුද්ගලයින්ගෙන් විවිධ අපකීර්තීන් ද ඇතිවිය හැකියි. කවුරුන් හෝ ඔබ සතු දේට ආශා කළ ද එය අත්පත් කර ගැනීම ඔවුන්ට කළ නොහැකියි. එම නිසා සෑම විටම ඔබගේ ස්ථාවරභව පිළිබඳ අවබෝධයෙන් සිටින්න.

7) නිවැරැදි සිතුවිලි නිර්මාණය කර ගන්න
සාර්ථක ව්‍යවසායකයන් පිළිබඳ අධ්‍යයනයන්ට සවන්දීම ඔබේ ව්‍යාපාරයේ සාර්ථකත්වය සඳහා අවැසි නිවැරදි මානසිකත්වයකට පිවිසීමට ඇති විශේෂිත ක්‍රමයකි. මෙය ඔබට යම් ආස්වාදයක් එක් කරන අතර ඔබ තුළ හොඳ මානසිකත්වයක් බිහි කිරීම සඳහා පෙළඹවීමක් ද ඇති කරයි. එසේම මෙය ධනාත්මක චින්තනය ඇති කිරීමට අවශ්‍ය මාර්ගය විවර කරයි.

ව්‍යවසායකයෙකු වීම අසීරු මෙන්ම පීඩනය දනවන කාර්යයකි. සාර්ථක ව්‍යවසායකයෙකු වීම උදෙසා නිවැරැදි මානසිකත්වය ගොඩනැගීමට අවශ්‍ය ඉහත කරුණු අනුගමනය කිරීම ඔබේ ව්‍යාපාරික ජීවිතයටත් පෞද්ගලික ජීවිතයටත් සැබෑ වටිනාකමක් එක් කරයි.

සාරාංශය
ව්‍යවසායකයාගේ මානසිකත්වය ගොඩනැගීම සඳහා කිසිදු විධිමත් පුහුණුවක් හෝ විශේෂ ඉගෙනීමක් අවශ්‍ය නොවේ. සැබැවින්ම අවශ්‍ය වන්නේ සතුට, වින්දනය මෙන්ම සිනහවයි. එය අප තුළ සැඟවී ඇති කුසලතා හා චර්යාවන් වර්ධනය කිරීමට ඉතාමත් උපකාරීවෙයි. එහෙත් බොහෝ පුද්ගලයන් තුළ අධෛර්යමත් බව බාධක මැඩලිය නොහැකි බව, කෘෘර අදහස්, ඍණාත්මක සිතුවිලි ඇති වේ. ඒ වෙනුවට සෑම බාධක හෝ ගැටලුකාරී අවස්ථාවකදී සිනහමුසු මුහුණින් මුව සරසා සිටිය හැකි නම් අගනේය. එවිට කුමන තරාතිරමක සිටියත් කුමන පසුබිමක සිටියත් ඔබේ සිනහව අන් අයගේ අධෛර්යමත් බව ධෛර්යමත් බවට පත් කරයි. ව්‍යවසායකයකුගේ සැබෑ

සැකසුම – බිනාලි රාජපක්ෂ