Reshali Balasubramaniam
December 4, 2018
Uncategorized No Comments

ව්‍යාපාරයේ ඵලදායිතාවය වර්ධනය කරගන්නේ කෙසේද?

ඔබේ ව්‍යාපාරය කුමක් වුවත් ව්‍යාපාරික අරමුණු ඉටුකරගැනීමට ව්‍යාපාරික ඵලදායිතාවය ඉහළ නැංවිය යුතු බව ඔබ දන්නවාද? ව්‍යාපාරය තරගකාරිත්වයටත් ඔබේ සාර්ථකත්වයටත් හොඳ අවස්ථාවක් ලබාදීමට හැකි ව්‍යාපාරික ඵලදායිතාව පිළිබඳ නිසි අවබෝධයක් ලබාදීමටයි අද අපේ සූදානම.
ව්‍යාපාරයක් පවත්වාගෙන යාම එතරම් පහසු නො වේයි. එහිදී ඔබ ඔබේ සේවකයින්, ගනුදෙනුකරුවන් හා කාල සටහන් කළමනාකරණය කිරීමට අවශ්‍ය වේ.එය යම් විටක දී ඔබට අභියෝගයක් විය හැකියි. එසේම අඩු සම්පත් උපයෝගී කරගනිමින් අඩු වියදමකින් ඔබේ ව්‍යාපාරය සමස්ත ඵලදායිතාවය වැඩි කිරීමට හැකි ක්‍රම කිහිපයක් මෙසේ ඔබට හඳුන්වා දෙන්නෙමු.
1) සංවිධානාත්මක බව
2)
පැවරූ කාර්ය
3)
නව තාක්ෂණ භාවිතය
4)
අරමුණු නිර්මාණය
5)
සේවක සංවර්ධනය
6)
නිවැරැදි මෙවලම් හා උපකරණ භාවිතය
7)
නියමිත කාලසීමාව
 

1) සංවිධානාත්මක බව
ඔබේ ව්‍යාපාරය සංවිධානය කරන්නේ කෙසේද? ඒ සඳහා මෙන්ම ඔබට කදිම පරීක්ෂණයක්. ඔබේ කාර්යාලයේ ඔබට හිමි මේසය දෙස බලන්න. කාර්යාලීය ලිපි පමණ ප්‍රමාණයක් මෙසේ මත තියෙනවද? ඔබේ පරිගණකයේ ලිපි ගොනු ගබඩා කරන ස්ථානයට යන්න. එයින් ඔබට අවශ්‍ය ලිපිය සොයා ගැනීමට කොතරම් පහසු ද? ඊට කොපමණ කාලයක් වැය කළ යුතු ද? මේ ගැටලු සියල්ලටම පිලිතුර වන්නේ ඔබේ සංවිධානාත්මක බවයි.
අසංවිධානාත්මක වීමෙන් ඔබේ වටිනා කාලය ඔබ විසින්ම නාස්ති කරනු ඇත. එමෙන්ම ඔබට අවශ්‍ය කාර්යයන් නිසි පරිදි සකස් නොකර තිබීමෙන් නැතහොත් ඔබේ අපිලිවෙල කමින් ආයතනික වැදගත් ලිපි ලේඛන නැති වන්නට පුළුවන්. එසේ නම් ඔබේ ව්‍යාපාරය සෑම කොටසක්ම නිසි පරිදි සංවිධානය කිරීම ඉතාමත් අත්‍යවශ්‍ය කරුණකි. අද දින යම් දෙයක් කොතනකද දැන සිටියත් ලබන මාසයේදී අවසානය වන විට එය එසේම දැනගැනීමට නම් ඔබේ සංවිධානාත්මක බව හා පිළිවෙළ ගැන ඔබ දැඩි අවධානයකින් සිටීමට වගබලා ගත යුතුයි.

2) පැවරූ කාර්ය
සමහර විට කාර්යාලයේ ඔබට පැවරෙන කාර්යයන් අධික විය හැකිය. එම කාර්යයන් සේවකයන් වෙත හෝ අදාළ අංශ වෙතට නිසි පරිදි යොමු කිරීමෙන් කාර්යයන් ඉක්මනින් සිදුකිරීමට ඔබට හැකිවනු ඇත. මෙහිදී සන්නිවේදන ක්‍රියාවලිය අතිශයින් වැදගත් වේ. ඔබ සේවකයින්ට පවරනු ලබන කාර්යය නිසි ලෙස කිරීමට අවශ්‍ය නම් එම කාර්යයන් පිළිබඳ නිවැරදි පැහැදිලි කිරීමක් හා අවබෝධයක් කාර්යාල ප්‍රධානින් විසින් සේවකයන්ට ලබා දිය යුතුයි.

3) නව තාක්ෂණ භාවිතය
නව තාක්ෂණ භාවිතයෙන් බොහෝ කාර්යයන් වේගවත්, පහසු හා කාර්යක්ෂම ලෙස සිදුකර ගැනීමට හැකිවනු ඇත. එමෙන්ම බොහෝ කාර්යයන් ස්වයංක්‍රීයව සිදුකරගත හැකිය. උදාහරණයක් ලෙස email අලෙවිකරණය, බිල්පත් ගෙවීම්, ගිණුම්කරණ කටයුතු, සමාජ මාධ්‍ය භාවිතය ආදි වූ ක්‍රියාවලින් රැසක් ස්වයංක්‍රීය කිරීමට ඔබට හැකිවෙයි. ව්‍යාපාරයේ ඵලදායිතාවය ඉහළ නැංවීම සඳහා නව තාක්ෂණය සැබෑ ව්‍යාපාරික සාර්ථකත්වයක් අත්කර ගැනීමට වේදිකා නිර්මාණය කරයි.

4) අරමුණු නිර්මාණය
නිවැරදි ඉලක්ක කරා යොමුවීමෙන් ව්‍යාපාරය වඩාත් ඵලදායී විය හැකිය. ඉලක්කයක් හරහා ඔබට හා සේවකයන්ට වැඩ කිරීමට යමක් ලබා දෙයි. ඔබ නිතිපතා ව්‍යාපාරික ඉලක්ක තබා ගත යුතුය. ව්‍යාපාරය වර්ධනය වන විට නව ඉලක්ක සකස් කරන්න. ව්‍යාපාරය තරගකාරීත්වය මේ ඉතාමත් උපයෝගී වේ. එමෙන්ම යාවත්කාලීන අරමුණු ඇති කිරීම මගින් ඔබේ ව්‍යාපාරය ඉහල ඵලදායීතාවයක් පෙන්නුම් කරයි.
ඔබගේ ඉලක්ක ප්‍රායෝගික මැනිය හැකි මෙන්ම කාල අවකාශයන් සතුවිය යුතුයි. නිදසුනක් වශයෙන් සිව්වන කාර්තුවේ දී ආදායම වැඩි කිරීම සඳහා 10% කින් ඉහළ නැංවීමට අවශ්‍ය බව ඔබට පැවසිය හැකිය නැතහොත් මෙම සතිය ගනුදෙනුකරුවන් තිහක් වෙත ළඟා වීමට අවශ්‍ය බව ඔබට ඔබේ සේවකයින් පැවසිය හැකිය.
ඉලක්ක සැකසීමේදී ව්‍යාපාර සැලැස්මක් තිබීම අනිවාර්ය වේ. ව්‍යාපාර සැලසුම් සඳහා සමාගම් අරමුණු, අලෙවිකරණ සැලසුම්, නිෂ්පාදන සේවා ආදී විස්තර ඇතුලත් කරගත යුතුය. මෙම ව්‍යාපාර සැලැස්ම යාවත්කාලීන කිරීම ඉතාමත් වැදගත් වන අතර එය ව්යාපාර ඵලදායිතාවයට ඉතාම ප්‍රයෝජනවත් වෙයි.

5) සේවක සංවර්ධනය
කලින් සඳහන් කළ සේවකයන්ගේ තෘප්තිමත්භාවය ව්‍යාපාරික ඵලදායීතාවය ඉහළ නැංවිය හැකි තවත් වැදගත් සාධකයකි. ඒකාකාර චර්යාවකට යොමුවී සිටින සේවකයන් සේවයේ ඒකාකාර බව නිසා යම් යම් අපහසුතාවන්ට පත් වනු ඇත. එමනිසා ඔවුන්ට ඔවුන්ගේ විනෝදාංශ, කුසලතා හා නව වෘත්තීය වගකීම් භාරගැනීමට අවස්ථාව ලබාදිය යුතුයි. එමෙන්ම ඔවුන්ගේ කුසලතා සංවර්ධනය කිරීමටත් දිරිගැන්වීමටත් ඔවුන්ට වැඩ කළ හැකි නම්‍යශීලී පරිසරයක් ව්‍යාපාර භූමිය තුළ නිර්මාණය කිරීමටත් අවධානය යොමුකිරීම ව්‍යාපාරය ප්‍රධානීන් සතු වගකීමක් බව මතක තබාගන්න.

6) නිවැරැදි මෙවලම් හා උපකරණ භාවිතය
නිවැරදි හා කාලීනව තම කාර්යයන් කාර්යක්ෂම ඉටු කිරීමට හැකිවන පරිදි නිවැරදිව මෙවලම් හා උපකරණ සේවකයන් වෙත ලබාදිය යුතුයි උසස් තත්ත්වය නවීන වැඩසටහන් සහ උපකරණ ශ්‍රම බලකායට පමණක් නොවේ ඔබේ සමාගම වර්ධනය වන ආකාරය විශාල වෙනසක් සිදු කරයි එමෙන්ම නිවැරදි උපකරණ තෝරාගැනීමෙන් වියදම් අධික වීමේ වැරදි අඩු කරගැනීමට සහ ව්‍යාපාර මාර්ග වැඩිදියුණු කිරීමට උපකාරී වේ.

7) නියමිත කාලසීමාව
නියමිත කාලය තුළ කර්තව්‍යයන් සම්පූර්ණ කිරීම සඳහා ඔබේ සේවකයන් පෙළඹවීම විසින් කලයුතු වේ. ව්‍යාපාරික ඵලදායතාව සඳහා ඔබේ ව්‍යාපාරය ගනුදෙනුකරුවන් හා පාරිභෝගිකයන් සතුටු වන ආකාරයේ කාර්යක්ෂම සේවයක් ලබා දීම ඉතාම වැදගත් වන අතර ඵලදායීතාවය ඉහළ නැංවීමේ ක්‍රියාවලිය වැඩිදියුණු කිරීම මගින් ඔබට සාර්ථක ප්‍රතිඵල අත්විඳීමට හැකි වනු ඇත.

සැකසුම – බිනාලි රාජපක්ෂ