Reshali Balasubramaniam
October 26, 2018
Uncategorized No Comments

ව්‍යාපාරයේ වර්ධනයට නිසි මඟ…

ජීවිතය ජය ගැනීමට දිරි දරන මිනිසුන් අතරේ නව්‍ය ව්‍යාපාරිකයන්ට හිමිවන්නේ ඉතාම සුවිශේෂ ස්ථානයක්.නව ව්‍යාපාරිකයකු ලෙස වෙළෙඳපොළට පිවිසීමේදී ඒ සඳහා ඔබ දැන ගත යුතු කරුණු කාරණා බොහොමයක් ඇත. ඒ අතුරින් අද අප කතාබහට ලක් කරන්නේ නව ව්‍යාපාරයක් අඛණ්ඩ ලෙස වර්ධනය කර ගත හැකි ක්‍රමවේදයන් කිහිපයක් පිළිබඳවයි.

නූතන වෙළඳපොල තුළ ඇති තරගකාරීත්වය හේතුවෙන් අද වන විට ලෝකය තුළ කුඩා හා මහා පරිමාණ වශයෙන් ව්‍යාපාරය කටයුතු රැසක් ප්‍රචලිත වෙමින් පවතී.නව ව්‍යාපාරයක් ආරම්භයේදී පලමුව ඔබ තුළ ඒ සඳහා නිසි මානසිකත්වයක්, චිත්ත ශක්තියක් ඇති කර ගත යුතුය. නිතර ධනාත්මක ආකල්ප ඇති කර ගැනීමෙන් ව්‍යාපාර පිළිබඳ නිසි දැක්මක් ඔබ තුළ ගොඩනැගෙනු ඇත. ජීවිතය ගොඩනගා ගැනීමටත්, ජීවිතයට ස්වර්ණමය වටිනාකමක් ඇති කිරීමටත් මේ තුළින් හැකිවේ.

ව්‍යාපාරයක් ආරම්භ කරන අයකු මුහුණ දෙන තවත් ගැටලුවක් වන්නේ ඒ සඳහා අවශ්‍ය මූල්‍ය රැස් කරගන්නේ කෙසේද යන්නයි.බොහෝ දෙනා කාලයක පටන් මූල්‍ය රැස් කරයි. තවත් සමහරු කුඩා ප්‍රමාණයේ අඩු මුදලකින් ව්‍යාපාර ආරම්භ කරයි. වර්තමානයේ දී ව්‍යාපාරිකයන්ගේ මූලය ගැටළු සඳහා විවිධ ආයතන ණය පහසුකම් ලබා දීමට ඉඩ ප්‍රස්ථාව සලසා දී ඇත. විශාල ධනයක් යොදා ව්‍යාපාරයක් ආරම්භ කරන වට වඩා කුඩා ව්‍යාපාරයක් ආරම්භ කිරීමෙන් ඇතිවන්නාවූ මූල්‍ය ගැටලුව මඟහරවා ගැනීමට ඔබට හැකියාව ඇත.ඔබ විසින් ආරම්භ කරන කුඩා ව්‍යාපාරය තුළින් ඔබ ලබා ගන්නා අත්දැකීම ව්‍යාපාරයේ අඛණ්‌ඩ වර්ධනයට තවත් ශක්තියක් වනු නොඅනුමානයි.

ව්‍යාපාරය තුළ සේවාවන් පවතී. ව්‍යාපාරයක් ආරම්භයේ දී ඔබට මෙන්ම සාමාජ වටපිටාවටත් ප්‍රයෝජන වන අන්දමින් ව්‍යාපාරය ආරම්භ කිරීම තුළින් පවතින්නාවූ ආර්ථික ගැටලුවක් නිරාකරණය කිරීමට ඔබට හැකි වනු ඇත. පාරිභෝගික රුචි අරුචිකම් ද ඔබට හදුනා ගත හැකිය. මෙහිදී ඔබේ ව්‍යාපාරය පාරිභෝගිකයා අතට ගෙන යාමට නම් ඒ සඳහා ආකර්ෂණීය ප්‍රචාරක මාධ්‍ය භාවිත කළ හැකිය. මේ වන විට ජනතාව අතර පවතින අන්තර්ජාල, සාමාජ වෙබ් අඩවි, රූපවාහිනී, පුවත්පත්, ගුවන්විදුලිය මෙන්ම වාචික මාධ්‍ය ඊට උපකාරී වේ. එමගින් ව්‍යාපාරය පිළිබඳ පාරිභෝගිකයා තුළ ගොඩනැගෙන විශ්වාසය තවදුරටත් වර්ධනය වනු ඇත. එමෙන්ම සමාජය තුළ ව්‍යවසායක අදහසක් ද ඒ තුළින් ඔබ බිහිකරයි. එය ඔබේ ව්‍යාපාරයේ අඛණ්‌ඩ වර්ධනය සඳහා ඉතාම වැදගත් වේ.

නිෂ්පාදන බිහිකිරීමේදී එහි තුළ ඇති ගුණාත්මක බව කෙතරම්ද යන්න ඇතිවන තවත් ගැටලුවකි. පලමු නිෂ්පාදනයෙන් ඔබ ලබන ලාභය ඉතාමත් අඩු විය හැකියි. ඔබේ නිෂ්පාදනය තව කෙනෙකු වෙත ලබා දී එහි ඇති ගුණාත්මක බව ඔබට පරීකෂා කළ හැකිය. එයින් ඔබ ලබා ගන්නා ප්‍රතිචාරය ඔබේ නිෂ්පාදනය හෝ සේවාව ජනතාව අතරට ගෙන යාමට ඉතාමත් උපකාරී වේ.

ව්‍යපාරයේ අඛණ්ඩ වර්ධනය සඳහා ව්‍යාපාරය තුල රාජකාරියේ නියැළෙන සේවකයින්ගේ තෘප්තිමත් භාවය හා කාර්යක්ෂම බව ද වැදගත් වන තවත් කරුණකි. ව්‍යාපාරයේ නියැළෙන සේවකයන් හට නිසි දීමනා ලබා දීම, ඔවුන්ගේ සතුට වෙනුවෙන් විවිධ වැඩසටහන් පැවැත්වීම, ඔවූන්ගේ ගැටලු නිරාකරණය කර දීම, ඔවුන්ගේ අවශ්‍යතා සොයාබැලීම ආදී මූලික කරුණු කාරණා පිළිබඳව අනිවාර්යයෙන්ම සැලකිලිමත් විය යුතුයි. ව්‍යාපාරයේ රඳා පැවැත්මටත් ශක්තිමත්භාවයට සේවකයිනගේ රඳා පැවැත්මත් ඉතාම උපකාරී වන බව මතක තබා ගන්න.

ව්‍යාපාරය තුළ භාවිත වන තාක්ෂණික උපක්‍රම සඳහා නව තාක්ෂණය යොදා ගැනීම ව්‍යපාරයේ වර්ධනයට තවත් වැදගත් වේ. යල් පැන ගිය තාක්ෂණික උපකරණ වෙනුවට නව තාක්ෂණය භාවිත කිරීමෙන් නිෂ්පාදනය හා සේවාවේ ඵලදායිතාවය වර්ධනය වනු ඇත. දිනෙන් දින වෙනස් වන ලෝකයේ තාක්ෂණය ද වෙනස් වෙමින් පවතී. කාලයට උචිත අන්දමින් නව තාක්ෂණික උපක්‍රම භාවිත කරන ඔබට ඔබේ සේවාව කිසිදු ගැටලුවකින් තොරව ඉදිරියට ගෙන යාමට හැකි වනු ඇත.ඔබ විසින් ඔබේ දුර්වලතා හඳුනාගෙන ඔබේ ඉලක්කය සපුරා ලීමට නම් මෙකී කරුණු ඔබටද ඔබේ ව්‍යාපාරයේ වර්ධනයට ද මනා ලෙස උපයෝගී වනු නිසැකයි.

Reshali Balasubramaniam

Head of HR, HR Counselor and adviser at https://work.lk/. Do you offer a Service? Signup for an account at work.lk