Reshali Balasubramaniam
January 16, 2019
Uncategorized No Comments

සමාජ ව්‍යවසායකයින්ගේ සාර්ථකත්වය සඳහා මාර්ගෝපදේශ…

අප ජීවත්වන සමාජය තුළ අපිට විවිධාකාරයේ පුද්ගලයින් මුණ ගැසීම සාමාන්‍ය කරුණකි. එකී වූ පුද්ගලයන් අතර ව්‍යවසායකයින් ඉතාමත් සුවිශේෂයි. රටටත් ආර්ථිකමය සංවර්ධනය වෙනුවෙන් ඉමහත් සේවාවක් ඉටු කරන ව්‍යවසායකින් අතර සමාජ ව්‍යවසායකයින් (social enterpreneur) සමාජය මුල්කරගනිමින් ඉහළ සමාජ මෙහෙවරක් ඉටු කරයි.
එසේ නම් මෙම සමාජ ව්‍යවසායකයින් යනු කවුරුන්ද? සාර්ථක සමාජ ව්‍යවසායකයෙකු වීමට අනුගමනය කළ යුතු ක්‍රමවේද මොනවාද? යන්න හදුනාගැනිම වැදගත්. එසේ නම් අද අප සූදානම් වන්නේ ඒ පිළිබඳ ඔබට නිසි දැනුමක් ලබා දීමටයි.එසේ නම් මෙම සමාජ ව්‍යවසායකයින් යනු කවුරුන්ද? සාර්ථක සමාජ ව්‍යවසායකයෙකු වීමට අනුගමනය කළ යුතු ක්‍රමවේද මොනවාද? අද අප සූදානම් වන්නේ ඒ පිළිබඳ ඔබට නිසි දැනුමක් ලබා දීමටයි.
සමාජ ව්‍යවසායකින් යනු සමාජ සංස්කෘතික හෝ පාරිසරික ගැටලු සඳහා අරමුදල් සම්පාදනය හා ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා ව්‍යාපාර ශිල්ප ක්‍රම උපයෝගී කර ගැනීමේ ප්‍රයත්නයයි. මෙම සංකල්පය විවිධ ප්‍රමාණ අරමුණු හා විශ්වාසයන් සහිත විවිධ සංවිධාන සඳහා යොදා ගනියි. එමෙන්ම මූල්‍යමය වශයෙන් ස්වාධීනව ස්වයංපෝෂිත හෝ තිරසාර මූලයකින් ඉලක්ක කරගත් ආයතනයක් හරහා අඩු වරප්‍රසාදලාභී සමාජ වටිනාකමක් ලබා දීම ඔවුන්ගේ අරමුණයි. උදාහරණ වශයෙන් සමාජ ව්‍යවසායකයින් විසින් ක්‍රියාත්මක කරන වැඩසටහන් කිහිපයක් පහත පරිදි වේ.

 

– ප්‍රජාපාදක ගැටලු මුල්කරගනිමින් ඒවා විසදීමට විවිධ වැඩසටහන් විවිධ වැඩසටහන් පැවැත්වීම.
– අධ්‍යාපන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
– අඩු පහසුකම් සහිත පුද්ගලයින් වෙනුවෙන් බැංකු සේවා සැපයීම.
– රෝගාබාධ වලට ගොදුරු වූවන්ට උපකාර කිරීම.
– අඩු වරප්‍රසාද ලාභින් වෙනුවෙන් මූල්‍ය ආයතන පවත්වාගෙන යාම.
සමාජ ව්‍යවසායකයාගේ සැබෑ බලය වනුයේ වෙළෙඳපොළ තුළ ඇති අසාර්ථකත්වය හඳුනාගෙන ඒවාට විසඳුම් සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීමෙහිලා ඔවුන්ගේ ඇති හැකියාවයි.
සාර්ථක සමාජ ව්‍යවසායකයින්ගේ පැවැත්මට අනුගමනය කළ යුතු ක්‍රමවේද කිහිපයක් වෙතට දැන් අවධානය යොමු කරමු .
1) ආරම්භ කරන්න.
2) මෙහෙවර ප්‍රකාශනයක් ලියන්න.
3) ක්ෂේත්‍ර පර්යේෂණ කරන්න.
4) කණ්ඩායම් සංස්කෘතිය ගොඩනගන්න.
5) මූලික අරමුදල් මූලාශ්‍ර හඳුනාගන්න.
6) ක්‍රියාකාරී සැලැස්මක් ලියන්න
.

1) ආරම්භ කරන්න.
අද ඔබට කළ හැකි දේ ගැන සිතා බලන්න. ලෝකය වන දේ පිළිබඳ හොඳින් අවධානයෙන් සිටින්න. ඔබේ සංස්කෘතියට ගැළපෙන දේ සොයාගන්න. ඒ අනුව ඔබේ ගැටළුව සඳහා පර්යේෂණ ආරම්භ කරන්න. ගැටළුව විසඳා ගන්නේ කෙසේදැයි ප්‍රජාව සමඟ කතා බහ කරන්න. ඔබ සොයා ගත් දත්ත පදනම් කොට ගෙන නිර්මාණාත්මක විසඳුමක් ඒ තුළින් ඉදිරිපත් කරන්න.ප්‍රතිචාර වලට අනුව එය සාර්ථක මට්ටමකට ළඟා වන තෙක් එම පර්යේෂණ සිදුකරන්න.
සමාජ ව්‍යවසායකයෙකු වශයෙන් ඔබට මෙවැනි පර්යේෂණ වලින් ලැබෙන ප්‍රායෝගික අත්දැකීම් ඔබේ සාර්ථකත්වය දොරටු විවර කරන ලක්විය හැකි බව මතක තබා ගන්න.( පර්යේෂණ පිළිබඳ අවබෝධයක් අංක 3 හි දක්වා ඇති ක්ෂේත්‍ර පර්යේෂණ තුළින් ලබා ගත හැකිය)

2) මෙහෙවර ප්‍රකාශනයක් ලියන්න.
මෙහෙවර ප්‍රකාශනය ඔබේ ව්යාපාර සැලැස්ම මෙන් වැදගත්වන ලියවිල්ලකි. ඔබේ ගනුදෙනුකරුවන්ට සේවකයින්ට සැපයුම්කරුවන්ට හා ප්‍රජාවට ඔබේ ව්‍යාපාර පිළිබඳ සියල්ල මෙම ප්‍රකාශන මගින් ඉදිරිපත් කරයි. එමෙන්ම ව්‍යාපාරයේ සෑම අංශයක්ම මේ තුළින් පිළිබිඹු කරයි. උදාහරණ වශයෙන් ඔබ සපයන නිෂ්පාදනය හා ඒවායේ ගුණාත්මක බව,වර්ධන හැකියාවන්, තාක්ෂණ භාවිතය, තරගකරුවන් හා ගනුදෙනුකරුවන් සමඟ ඇති සබඳතාව යන කරුණු මෙහි ඇතුළත් වේ. වෙනත් සමාගම්වල ප්‍රකාශනය අධ්‍යයනය කිරීම මගින් ඔබේ මෙහෙවර ප්‍රකාශනය ඔබට නිර්මාණශීලීව ගොඩනඟාගත හැකිය.

3) ක්ෂේත්‍ර පර්යේෂණ කරන්න.
ක්ෂේත්‍ර පර්යේෂණ යනු ස්වභාවික පරිසරය තුළ සිටින ජනතාව නිරීක්ෂණය කිරීම හා අවබෝධ කර ගැනීම අරමුණු කර ගත් දත්ත එකතුකිරීමේ ගුණාත්මක ක්‍රමයකි. ක්ෂේත්‍ර පර්යේෂණයන් තුළ සෘජු නිරීක්ෂණය, සීමිත සහභාගිත්වය, ලේඛන විශ්ලේෂණය, අවිධිමත් සම්මුඛ සාකච්ඡා හා සමීක්ෂණ ආදි විවිධ පර්යේෂණ විධි ඇතුළත් වේ. මෙම පර්යේෂණයේ අවසාන අරමුණ වන්නේ එම සැකැස්ම තුළ යම් විෂයක නිශ්චිත හැසිරීම් හා විශ්ලේෂණය කිරීමයි.

4) කණ්ඩායම් සංස්කෘතිය ගොඩනගන්න.
ඔබට ලෝකයේ හොඳම ව්‍යාපාර අදහස් තිබිය හැකිය. ව්‍යාපාරයක් තනිවම ආරම්භ කිරීම එතරම් පහසු නොවෙයි එම නිසා ඔබේ ව්‍යාපාරය තුළ කණ්ඩායමක් සෑදීම ඉතාම වැදගත් වේ. ඒ සඳහා ව්‍යාපාරයට අවශ්‍ය අත්දැකීම් සහිත අයදුම්කරුවන් සොයාගැනීමට භූමිකාව සකස් කළ යුතුයි. සුදුසු කම් සහිත පිරිසක් කණ්ඩායමක් වශයෙන් පිහිටුවා ගැනීමෙන් පසුව කාර්යක්ෂම සන්නිවේදනතාව හා කණ්ඩායම් ගොඩනැගීමේ අභ්‍යාසවල යෙදෙන්න. ඒ තුළින් ඔබේ කණ්ඩායමේ තුළ ඇති ඵලදායි කාර්යක්ෂමතාව හදුනාගෙන එය වඩාත් වර්ධනය කරගැනීමට ඔබට හැකිවේ.

5) මූලික අරමුදල් මූලාශ්‍ර හඳුනාගන්න.
ව්‍යාපාරයේ මූල්‍ය කරණය කිරීම සෑම විටම අභියෝගයකි. ඔබ දියත් කිරීමට යන සමාජ සත්කාරය සඳහා අරමුදල් ලබා ගන්නෙ කෙසේද? කොතැනින්ද? යන්න පළමුව සිතා බලන්න.
ඒ අනුව පහත විකල්පයන් ඔබට මූල්‍යකරණය සඳහා පහසු මාර්ගයක් සාදයි.
– ඉතුරුම් ගිණුම්
– ක්‍රෙඩිට් කාඩ්
– මිතුරන් සහ පවුලේ අය
– ආයෝජකයන්
– බැංකු ණය / ව්‍යාපාර ණය

6) ක්‍රියාකාරී සැලැස්මක් ලියන්න.
ඔබ විසින් කරන ලද / කළ යුතු දෑ හා කාර්යය නිශ්චිත ලෙස මෙහි සටහන් කරන්න. එමෙන්ම ඔබේ සමාජ සත්කාර දියත් කිරීමට අවශ්‍ය වන දිනය සහ ඊට ගතවන කාල වකවානු හොඳින් සැලසුම් කරන්න. ඔබේ සැලැස්ම කාල සටහනක් ලෙස සකස් කර ගැනීම තුළින් ඔබේ වටිනා කාලය අපතේ නොයවා අඩුකාලයකින් විශාල වැඩ කොටසක් නිම කිරීමට හැකි වනු ඇත. තවද ඔබේ වාර්ෂික, මාසික, සතිපතා, දෛනික හා පැය ගණන් අනුව ඔබේ කාර්යයන් නිසි පරිදි සැලසුම් කරන්න. ඒවා වර්ග කරන්න. ඒ තුළින් ඔබේ ඉලක්කය සාර්ථක ලෙස සපුරා ගැනීමට හැකිවනු නොඅනුමානයි.

ලොව පුරා සමාජ ව්‍යවසායකයින් සමාජ වෙනස් කම් සඳහා අසමසම උත්ප්‍රේරකයක් වී ඇත. අත්‍යවශ්‍යමය සමාජ ගැටලු වලට විසදුම් සෙවීම සඳහා වෙළෙඳපොළ පාදක කරගත් උපායමාර්ග ඔවුන් භාවිත කරයි.
එසේ සාර්ථක ව්‍යවසායකයෙකු ලෙස සමාජය තුල ගොඩනැගීම සහිත මෙම උපාය මාර්ග ඔබට මනා ලෙස උපකාරී වේ.
සමනලයෙකු චීනයේ පියාපත් විහිදෙන විට සුලිකුනාටුව අත්ලාන්තික් සාගරය තුල සිදු වේ යන කියමන සමාජ ව්‍යවසායකයාගේ සැබෑ බලය පෙන්වයි.